Sunday, February 28, 2010

A-9 පාර දිගේ යාපනයට ගියෙමි...

මේක ටිකක් පරන කතාවක්. හරියටම කිව්වොත් 2009 දෙසැම්බර් වලදි අපේ බාලදක්ෂ කණ්ඩායමේ යාපනේ සංචාරය ගැනයි මේ ලියන්න යන්නේ. කතාව පරන උනාට අත්දැකීම හරිම රසවත්. ඒ නිසයි ලියන්න හිතුවෙ.
මේ ගමන ගිය කාලෙ, ඒ කියන්නෙ 2009 දෙසැම්බ්ර් 16-20 වෙනකොට A9 පාර සාමාන්‍ය මගීන්ට විවුර්ත කරල තිබුනෙ නෑ. ඒකෙ යනවනම් ආරක්ෂක අමාත්‍යාංශෙන් විශේෂයෙන් අවසර ගන්න ඕන. මේක යාපනේ සහෝදර බාලදක්ෂයන්ගෙන් අපිට (ඒ කියන්න නාලන්දෙ ස්කවුට්ස්ලට) ලැබුනු ආරාධනයක් නිසා අපට අවසර ගන්න ඒ තරම් අමාරු වුනේ නැතිලු.

කාලය වේගයෙන් ගතවෙද්දි මාස ගානක් බලාගෙන හිටිය 2009.12.16 වෙනිදා උදාවුනා. ඔන්න ඉතින් නාලන්දෙ බාලදක්ෂයො ටික යාපනේ යන්න කියලා පාන්දරින්ම ඉස්කෝලෙන් පිටත් වුනා, පළවෙනි දවසෙ අපේ ගමනාන්තය වුනේ අනුරාධපුර කැලැත්තෑව යුධ හමුදා කඳවුර. A9 පාරේ තත්වයත් ගමනේ දුරත් නිසා කොළඹ ඉඳලා යාපනයට එක දවසෙන් යන්න අමාරුයි. ඒ නිසා තමයි පළවෙනි දවසෙ අනුරාධපුරේ නැවතිලා ඊට පස්සෙ දවසෙ යාපනේට යන්න සැලසුම් කරලා තිබුනේ.

ඔය යන අතරමග කට්ටිය සිංදු කිව්වෙ, කාඩ් ගැහුවෙ එහෙම නෑ ඉතින්... (ගමන අතරමගත් හරි හරි දේවල් වුනා!! ඒවා මාතෘකාවට අදාළ නැති නිසා වැඩිය විස්තර කරන්න බලාපොරොත්තුවක් නෑ) කොහෙන් කොහොම හරි හවස 3.00 විතර වෙනකොට එතෙන්ට යන්න අපිට හැකි වුනා. ඒ වෙනකොට ටිකක් විතර පොද වැස්ස. අපි කවුරුත් බලාපොරොත්තු නොවුන පුංචි පිළිගැනීමේ උත්සවයක් කැලැත්තෑව යුධ හමුදා කඳවුරේ සංවිධානය කරලා තිබුනා. මුලින්ම කඳවුරේ අණදෙන නිළධාරී තුමා අපව ඇමතුවා. එතකොට තමයි දැනගන්න ලැබුනේ එතුමත් ජනාධිපති බාලදක්ෂයෙක් බව. තමන්ගේ පාසල් කාලෙ බාලදක්ෂයෙක් විදිහට ලබපු අත්දැකීම් ගැනත් යුධ හමුදාවෙදි ඒ අත්දකීම් ප්‍රයොජනවත් වුන විදිහ ගැනත් මතක් කරලා මේ හමුදා කඳවුර ගැන පොඩි විස්තරයකුත් එතුමා කළා.. මේ අතරේ අපිට පොඩි සංග්‍රහයකුත් ලැබුනා.


ඊට පස්සෙ අපිට අවස්ථාව ලැබුනා මේ රෙජිමේන්තුවට අයිති සන්නද්ධ රථ (යුධ ටැන්කි) බලන්න යන්න. කඳවුරේ වුනාට ඒකට ටිකක් දුර බස් එකෙන් යන්න වුනා. නිකන් වාහන නෙමෙයිනෙ, සන්නද්ධ රථ. ඒ නිසා දැඩි ආරක්ශාවක් ඒ අවට ප්‍රදේශයට දීල තිබුනා. මුලින්ම T55 වර්ගයේ යුධ ටැංකියක් ගැන විස්තර දැනගන්න ලැබුනා. ඊට පස්සෙ සාමන්‍ය යුධ ටැන්කි ගැන.. සන්නද්ධ රථයක් පදවන්නෙ කොහොමද, නඩත්තු කරන විදිහ, අවි පාවිච්චි කරන හැටි, වෙඩි බලය ගැන මෙතනදි දැනගන්න ලබුනා. පස්සෙ T55 යුද ටෑංකියකට නගින්නත් ලැබුනා... මේක හසුරුවන්න තියෙන අමාරුව එතකොට තමා දැක්කේ.


මේ තියෙන්නෙ T55 ටැංකියෙ රියදුරු ආසනේ. මේක හරියට බැරල් එකක් ඇතුලෙ ඉඳලා drive කරනවා වගේ. පහුගිය යුද්ධ කාලෙ අපේ රණවිරුවෝ කොච්චර කට්ටක් කෑවද කියලා ඒකෙන්ම තේරෙනවා.. මමත් ඇතුලට බැහැලා බැලුවා.... ඇතුලෙ හෙලවෙන්නවත් ඉඩක් නැ. හිරවෙන්නෙ නැතුව එලියට ආවෙ බොහොම අමාරුවෙන්.


මේ T55ක ප්‍රධාන අවිකරු ගේ කුටිය.(සිංහළ වචනෙ හරිද දන්නෙ නෑ!) මේකත් අර වගේම තමයි. මේ වගේ ටැංකියක් මෙහෙයුමකට යනකොට තුන් දෙනෙක් යනවලු, තුන් වෙනි කෙනා මේකෙ වම් පැත්තෙ තියෙනෙ ගුවන් නාශක අවිය භාරව කටයුතු කරනවලු. යුධටැංකි වලට සම්බන්ධ කරන අවි ගැනත් මේ අතරේ දැනගන්න ලැබුනා.
මේ වගේ අත්දැකීම් ඉතින් කවදා ලබන්නද.. මේ සඳහා අපට උදව් කළ යුධ හමුදාවෙ සෑම අයෙක්ටම ස්තූතිවන්ත වෙන්න ඕන.

සන්නද්ධ රථ බැලුවට පස්සෙ හමුදා සෙබලුන්ගෙ අදීක්ශනය යටතේ පුරෝගාමි වැඩ ටිකක් ඉගෙනගන්න ලැබුනා. කඳවුරේ පිට්ටනිය වටේ වට දෙකක් විතර දුවලා කඹයක් දිගේ හරහට ගිහින් physical පොඩ්ඩක් හදාගන්න මටත් පුලුවන් වුනා. කොහොම නමුත් කඹයක් දිගෙ හරහට ගමන් කරන නිවැරදි, ලේසිම ක්‍රමය මෙතනදි තමයි ඉගෙන ගත්තේ. අපේ වචන වලින් "පුරෝගාමී වැඩ" කියල හදුන්වන මේවගේ වැඩ වලට හමුදාවෙදි "බාධක තරනය" කියලා ලු කියන්නෙ.! ඒ training session එක ඉවර වුනේ හවස 6.30ට විතර, ඒ වෙනකොට වටින් ගොඩින් අඳුරත් වැටිලා. ඊට පස්සෙ කට්ටිය නාලා එහෙම ‍රැ අපේ සුපුරුදු කඳවුරු ගිනිමැළයට ලෑස්ති වුනා. (අපේ ගිණිමැළ ගැන මම මීට ඉස්සෙල්ලා ලිපියක් ලිව්වා. ඒ නිසා මෙතැනදි වැඩිය ඒ ගැන කියන්නෙ නෑ) හැබැයි මේක ටිකක් වෙනස්. මෙතැනදි අපිට දැනගන්න ලැබුනා හමුදාවෙ ගිණිමැළ සම්ප්‍රධාය ගැන. ඒක අපිට වඩා ටිකක් වෙනස්. ගිණිමැළයත් හරිම විනොදජනක විදිහට ඉවර කළා. පස්සෙ ගිණිමැළ භූමියෙදිම රාත්‍රී ආහාරය ගන්නත් ලැබුනා.

එදා රෑ අපිට නිදාගන්න ලැබුනෙ පුහුණුවන කෙඩෙට් නිළදාරීන් වෙනුවෙන් හදලා තිබුන සයනාගාරයක. ගමනේ මහන්සිය නිසා කට්ටිය හොඳටම හෙම්බත් වෙලා හිටියෙ. ඒ නිසා ඉක්මනටම හෙට අවශ්‍ය වෙන සපත්තු එහෙම පොලිෂ් කරගෙන මීට ඉස්සෙල්ලා කවදාවත් අඩිය තියලා නැති යාපනේට වෙනකම් යන ගමන ගැන හීන දැක දැක නින්දට ගියා.

P.S -ගමනේ දෙවෙනි දවසෙ තිබුනෙ අනුරාධපුරේ ඉඳලා යාපනයට යන්න.. ඒ කියන්නෙ මේ කතාවෙ හොඳම හරිය. ඒ ගැන මගේ මීලඟ ලිපියෙන් කියන්නම්. ඒක මේ සතිය අන්තිමට(දවස් 7ක් ඇතුලත) දාන්න බලාපොරොත්තු වෙනවා. එතකන් ටිකක් ඉවසන්න වෙයි..!! 

Thursday, February 25, 2010

රූපවාහිනී වැඩසටහන් වල පරිණාමය.... (මට මතක විදිහට)

 මට මතක තියෙන ඉතිහාසේ හැටියට නම් මුලින්ම මගේ හිත ගියේ ජාතික රූපවාහිනියෙ විකාශය වුන නරියගෙයි හාවගෙයි කාටූන් එකට. දෙබස් නැති වුනාට සෑහෙන්න විනෝදයක් ඒකෙ තිබුනා. ඊට පස්සෙ තමයි හා හා හරි හාවා, දොස්තර හොඳහිත වගේ කාටූන් රූපවාහිනියට ආවෙ. ඒ කාලෙ නම්, මතකයේ හැටියට ජාතික රූපවාහිනියයි ITN එකයි විතරයි තිබුනෙ. ඒ දෙකෙනුත් ජාතික රූපවාහිනියෙ වැඩසටහන් තමයි අපි වැඩියෙන්ම බැලුවෙ. අද කාලෙ කාටූන් වලට වඩා ඒ කාලෙ කාටූන් හරවත්. හැම එකකම මොකක්හරි ආදර්ශයක්  තිබුනා... ඒත් දැන් නම් කාටූන් වල ආදිපත්‍ය සිරසට ගිහින් වගේ! අද කාලෙ පොඩි එවුන් වැඩියෙන්ම ආස සිරසෙ සොනික්, ස්කූබි ඩූ, සූර පප්පා, අපි රජ ඉබ්බෝ වගේ කාටූන් වලට. ඒවයෙ ගුණාත්මක බව කෙසේ වෙතත් විනෝදය නම් උපරිමයෙන් තියෙන බව පේනවා.

 
වාර්තාමය වැඩසටහන් ගැන කතාකලොත් ඒ කාලෙ අපි වැඩියෙන්ම  බැලුවෙ හේම නලින්ගේ නමයයි පහ(ඒ කාලෙ කිව්වෙ මම දෙක වසරෙදි විතර). මට මතක විදිහට ඒක විකාශය වුනේ ඉරිදා ‍රැ 9.05ට. ගෙදර මොන වැඩ තිබුනත් පවුලෙ හැමෝම ඒක බලන්න නම් අමතක කළේ නෑ. තවත් වාර්තා වැඩසටහනක් තිබුනා "කදමල්ල" කියලා අරුණ් ඩයස් බණ්ඩාරනායක ඉදිරිපත් කරපු. මේ දෙකේ සමානකම් තිබුනත් හේම නලින් ගෙයි අරුණ් ඩයස්ගෙයි ඉදිරිපත් කිරීමේ ශෛලියන් වෙනස් නිසා ඒ දෙකට අපි වෙන්වෙන්ව ඇලුම් කලා. මේ දේකේම අඩුව පුරවන්න අද තියෙන්නෙ දඩිබිඩිස්ගේ ටෙලි කොළම "අටපට්ටම" තමයි... දොරමඩලාව, මහා සිංහළේ වංශකථාව වගේ වැදගත් වැඩසටහන් තිබුනත් ඒවා විකාශය වෙන්නෙ රෑ දහයත් පහු වෙලානෙ.. ඒ නිසා ගොඩාක් වෙලාවට බලන්න බැරි වෙනවා.


ටෙලිනාට්‍ය ගත්තොත්  අදත් මම වැඩියෙන්ම කැමති නාට්‍ය ITN එකේ "කෝපි කඩේ". බොහෝම රසවත් ඒ වගේම හරවත් නාට්‍යක්. මතක විදිහට මේකට ගහන්න නම් වෙන එකක් තිබුනෙ නැති තරම්. ඳඬුබස්නාමානය වගේ නාට්‍ය ගෙදර අය බැලුවට මම නම් ඒ කාලෙ ඒවට වැඩිය ආස නෑ. හඬකවපු විදේශීය නාට්‍යක් විදිහට තිබුනෙ ජාතික රූපවාහිණියෙ ඔෂීන් තමයි. ඒත් දැන් නම් ඉතින් ඔය සිරසෙ, ස්වර්ණවාහිනියෙ හඬ කවපුවා ඕනතරම් තියෙන්නේ!! ප්‍රශ්නෙ තියෙන්නෙ ඒවා හෙදර හැමෝටම ඒකට ඉඳන් බලන්න පුලුවන්ද කියන එක... අද වගේ දවස ගානෙ විකාශය වෙන මෙගා නාට්‍ය ඒ දවස් වල තිබුන වගක් නම් මතක නෑ.

ඒ කාලෙ ප්‍රවුර්ති ගැන නම් වැඩි යමක් කියන්න මම දන්නෙ නෑ මොකද ඒ කාලෙ අපිට නිවුස් එච්චර වැදගත් නෑ නෙ...! ඒත් අද ඒ ගැන කතා කලොත් කියන්න තියෙන්නෙ ස්වර්ණවාහිනියෙ "ලයිව් ඇට් එයිට්" සහ දෙරණේ "අද දෙරණ" අනිත් ඒවට වඩා ඉදිරියෙන් ඉන්නවා කියන එක. ඒත් වැඩියෙන්ම ක්‍රියාකාරී ප්‍රවුර්ති විකාශය තියෙන්නෙ සිරසට. සිරසෙ "නිවුස් ෆස්ට්" වගේම සෑම රාජ්‍ය නාළිකාවකම ප්‍රවුර්ති විකාශ වල දැඩි අසමතුලිත බවක් දකින්න තියෙනවා.

සංශිප්තයක් විදිහට ගත්තාම පොදුවේ වැඩිපුරම හරවත් වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙන්නේ රාජ්‍ය නාලිකා කියලා කියන්න පුලුවන්.  එහෙම කියන්නෙ ඒවා ගොඩක් පරණ නාළිකා නිසා නෙමෙයි, ඒවයෙ විකාශය කළ වැඩසටහන් වල ගුණාත්මක බව නිසා. සිරසෙ කාලෙකට ඉස්සෙල්ලා විකාශය වුන "අපි නොදන්න ලයිව්" එතරම් හරයක් නැති වුනත් බොහෝ දෙනෙක්ගේ හිත් දිනාගත්ත වැඩසටහනක්. අද කාලයේ trend එකට ගැළපෙන වැඩසටහනක් කියන්න පුලුවන්. නමුත් සමහර පෞද්ගලික නාළිකා වල ටෙළි නාට්‍ය ගැන නම් සෑහීමකට පත්වෙන්න බෑ. මොකද කිව්වොත් ඒවයෙ තියෙන සමහර දේවල් සමාජයට කෙලින්ම බලපෑම් ඇති කරන නිසා.

දැන් නම් ඉතින් එක වැඩසටහනක් එපා වුනාම චැනල් එක මාරු කරලා වෙන එකක් බලන්න පුලුවන් තරම් චැනල් සෑහෙන්න තියෙනවනේ. නමුත් මම නම් තාමත් ආස අදට වඩා ඉස්සර විකාශය වුන වැඩසටහන් වලට. ඒත් ඉතින් කාලේ වෙනස් නෙ!. ඉස්සරහට තව මොනවගේ වෙනස්කම් වෙයිද දන්නෙ නෑ.. මම නම් කියන්නෙ රටට ගැළපෙන විදිහෙ වැඩසටහන් තවමත් හරියට නෑ කියලා. බලමුකෝ තව ටික කාලෙකින් අපේ නාලිකා මොනවගේ වෙනස්කම් වලට ලක්වෙයිද කියලා....

Tuesday, February 23, 2010

අලුත් හමක් සොයාගතිමි.....!

පහුගිය දවස් වල සෑහෙන්න උත්සහ කළා බ්ලොග් එකේ ස්කින් එක වෙනස් කරන්න.. ඒත් හරියන එකක් හොයාගන්න ලැබුනෙම නෑ... මගේ මීට පෙර ලිපිය කියෙව්ව සමහර අයට මතක ඇති ඒක කියවන අතරෙ කී සැරයක් නම් ස්කින් එක මාරු වුනාද කියල!!! ඒත් අද එකක් හොයාගත්තා... අද ඉඳලා මෙක තමයි මගේ සටහන් පොතේ හම(ස්කින් එක). පොඩි පොඩි අඩුපාඩු ටිකක් නම් තියෙනවා, ඒවා ඉක්මනට හදාගන්න පුලුවන්.

මේකට හරියන ස්කින් එකක් හොයන්න උදව් කළ ඉශාන් තිලිණ ඇතුලු මගෙ මිතුරන් හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි... අද ඉඳල අපි අලුත්. මේක කියවන ඔබටත් blogger skin එක වෙනස් කරගන්න ඕනෙනම් පහත වෙබ් අඩවි වලින් හොඳ ස්කින් එකක් බාගන්න පුලුවන්.
wordpress පාවිච්චි කරන අයට පහළ සයිට්ස් වැදගත් වෙයි..

Sunday, February 21, 2010

උගතුන් බුද්ධිමතුන් වේ ද?

අප අතීතයේ සිටම බුද්ධිමතුන් යැයි අසා තිබුනේ සෑමවිටම උගත් පිරිසකට ය. නමුත් වර්ථමානයේ එම උගත් බුද්ධිමත් පිරිස පිළිඔඳ සමානතාවය නොගැලපෙන අවස්ථා දකින්නට තිබේ. මේ ලිපිය ලියන්නට සිතුනේ එවැනි නොගැලපේ යැයි සිතෙන අවස්තාවක් පිලිඔඳව දැනගන්නට ලැබුනු නිසා ය. පසුගිය දිනක ඉශාන් තිලිණගේ "මගේ සටහන්" පි‍ටුවේ පළවූ "බුද්ධිමතුන් + පිස්සන් = ???????????" ලිපිය කියැවීමෙන් පසු හා එයට ලැබී තිබෙන කමෙන්‍ටු සැලකූ විට මේ සම්බන්ධය බිඳීයන අවස්ථාවන් දැකගත හැකිය.

අද ශ්‍රී ලංකාවේ පවතින සමාජ ක්‍රමය තුළ බොහෝ විට උගතුන් යැයි සම්මත කර තිබෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන් කෙළ පැමිණි, රජයේ විශ්ව විද්‍යාල වලින් ඉගෙනගත් පිරිසකට ය. විශ්ව විද්‍යාලයෙ කුමන අංශයේ ඉගෙනුම ලැබුවද ලංකාවෙ කැම්පස් එකක ඉගෙනගන්නා අයෙක් නම් සමාජයේ ඔහු ඉතා උසස් පුද්ගලයෙකි, අපේ භාශාවෙන් නම් පොරකි, නමුත් එකී පිරිසට සමාජයෙන් තමන්ට ලැබෙන ගෞරවය ආරක්ෂා කර ගැනීමට නොහැකිව ඇති බවක් පෙනෙන්නට තිබේ. මෙයට හොඳම උදාහරණය නවකවදය පිළිඔඳව පළවූ ඉහත කී ලිපියයි. නවක වදය දෙනු ලබන්නේ ද ඒ නිසා පීඩාවට පත්වන්නේ ද ඉහත මා සඳහන් කළ පරිදී සමාජයේ "පොරවල්" ලෙස හැඳින්වෙන විශ්ව විද්‍යාලවලම ඉගෙනගන්නා අය යි. එසේ නම් ඔවුන්(එකී නවකවදය දෙන පිරිස) උගතුන් බව පිළිගත හැක. නමුත් බුද්ධිමතුන් වන්නෙ ද..?

කෙසේ වෙතත් සැමවිටම බුද්ධිමතුන් වන්නෙ උගත්කමෙන් ඉහළටම ගිය අය දැයි සළකා බැලිය යුතු ය. පොදුවේ අප රටේ අද තත්වය සලකා බැලීමේදී බොහෝ විට වැඩ වර්ජන වලට පෙළඔන්නේ උගත් පිරිස් ය. වෛද්‍ය සේවයේ නියුතු පිරිස් මෙයට හොඳම උදාහරණය වේ. කෙතරම් රෝගීන් පීඩාවට පත් වුවද, මියගියද ඔවුන්ට කම් නැත. තමන්ගේ සුළු අවශ්‍යතා වෙනුවෙන් ඔවුන් මෙලෙස රෝගීන් අසරණ කරති. තමන් "උසස්" බව එවැනි පිරිස් සිතනවාදැයි මා නොදනිමි. නමුත් වෛද්‍යවරුන් වැනි උගත් පිරිසක් සිදුකරන මෙවැනි දේ බුද්ධිමත් ක්‍රියා ලෙස සැලකිය හැකිද? එසේ නම් උගතුන් ලෙස සැලකිය හැකි වෛද්‍යවරුන් බුද්ධිමතුන් වන්නෙ ද..? (මෙහි සඳහන් කරන්නේ වැඩවර්ජන සිදුකරමින් අසරන රෝගීන් පීඩාවට පත්කරන වෛද්‍යවරුන් පිලිඔඳව ය. එවැනි පහත් ක්‍රියා නොකරන රොගීන්ට සිය උපරිමයෙන් ප්‍රථිකාර කරන වෛදයවරුන් ද සමාජයේ සිටින බව අප අමතක නොකරමු)

තවද ආචාර්ය උපාධි හිමි ඇතම් අයගේ හැසිරීම ද මේ පිලිඔඳව සාකච්ඡා කිරීමේදී අමතක කළ නොහැක. නම ඉදිරියට "ආචාර්ය" යන ගෞරව නාමය යෙදුවද එවැනි ඇතම් අයගේ ක්‍රියා බුද්ධිමත් සමාජයක් කිසිලෙසකින්වත් අනුමත කරන්නේ නැත. එසේ නම් සමාජයේ ආචාර්යවරුන් ලෙස සැලකෙන එවැනි අය බුද්ධිමත් වේ ද...?

මෙහි දක්වා ඇත්තේ උදාහරණ කීපයක් පමණි. දිනපතා පළවන පුවත්පත් වල ඉහත සම්බන්ධය බිඳීයන අවස්ථා ඕනෑතරම් දැකගත හැකිය. එබැවින් උගතුන් ලෙස සලකන සැම අයෙක්ම බුද්ධිමත් අයෙක් දැයි නැවතත් සලකා බැලියයුතු නොවේ ද...?

පසුව ලියමි - මෙය කිසිඳු අයෙකුට හෝ වෘතීයකට අපහාස කිරීමේ අරමුණින් ලියූවක් නොවේ. මේ මගින් කිසිවෙකුට හෝ කිසිඳු වෘතීයකට අපහාසයක්, අගෞරවයක් සිදුවූයේ නම් ඒ පිලිඔඳව කණගා‍ටුව ප්‍රකාශ කරමි. මේ පිලිඔඳව ඔබේ අදහසද ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිමි.

Monday, February 15, 2010

මහසෝණාගේ පහරකෑමට ලක්වුනෙමි...

දිනය 2010 පෙබරවාරි 13 වෙනිදා. මගේ පරන පින්තූර ටිකක් ඉස්කෝලෙන් අරන් ඇවිල්ලා බලන්න කියලා pen drive එක ලැප්ටොප් එකට ගැහුවා. එක පාරටම virus detected  කියලා වයිරස් ගාඩ් එකෙන් ඇලට් එකක් ඇවිත් පෙන් එක scan කරන්න ගත්තා. ටික වෙලාවකින් ප්රතිඵල ලැබුනා... ඒකෙ වයිරස් 3 නම් තිබුනා. උඩින්ම තිබුනෙ mahasona.exe කියන එක. අනිත් ඒවානම් සාමාන්යෙන් අහලා පුරුදු ඒවා. කහොමහරි වයිරස් ගාඩ් එක අප්ඩේට් කරල තිබුන නිසා  තුනම මකලදාන්න පුලුවන් වුනා.

ඊට පස්සෙ ගෙනාව පින්තූර ටික බලන්න කියල පෙන් එක open කළා. එතකොට තමයි තේරුනේ මහසෝණගෙ තරම. මම ගෙනාව කිසිම ෆයිල් එකක් ඒකෙ නෑ. වෙනුවට නොදන්න භාෂාවකින් අමුතුම විදිහෙ ෆයිල් වගයක් හැදිලා.. ෆෝල්ඩර් ඇරලා බැලුවම ඒවාටත් ආනිශංසෙම තමයි. වෙනකොට පෙන් එකට වෙලා තියෙන දේ පහලින් බලාගන්න පුලුවන්.

මොනව කරන්නද ඉතින්... මෙහෙම තමයි දකින්න ලැබුනෙ!

පස්සෙ පෙන් එකේ properties ගිහින් බැලුවා මොකද වෙලා තියෙන්නෙ කියලා. ඒකෙ නම් කිසිම වෙනසක් නෑ. පිරිලා තිබුන ප්රමානයම (size එක) පෙන්නනවා. ඉතින් folder options වලට ගිහිල්ලා සිස්ටම් ෆයිල්ස් පේන විදිහට හදලත් බැලුවා අනිත් වයිරස්වල වගේ මගේ පින්තුර ටික හැංගිලාවත් තියෙනවද කියලා... එතකොට හැංගිල තිබුන අර අමුතු භාෂාවෙ ෆයිල්ස් තව ගොඩාක් දකින්න ලැබුනා. ඔන්න ඉතින් ටිකක් විතර දෙලොව රත් වෙන්න ගත්තා. කොච්චර රත් වුනාද කිව්වොත් මුලු සිස්ටම් එකම පරීක්ෂා කරල බලුවා. හැබැයි මහසෝණා ඉන්න පාටක් නම් පේන්න නෑ. පෙන් එකට එහෙම වුනාට හාඩ් ඩිස්ක් එකේ නම් කිසි අවුලක් වෙලා තිබුනෙ නෑ.

අන්තිමට කියන්න තියෙන්නෙ මෙ වයිරස් එක හැදුවෙ කවුරු වුනත් (අපි දන්න නමක් තියෙන්නෙ ලංකාවෙ කෙනෙක් දන්නෙ නෑ හැදුවෙ..) කෙනාගෙ දෙමව්පියො නම් ගැන සෑහෙන්න විඳවනවා ඇති. මොකද මම මේ වයිරස් එක ගැන ඇහුව හැම කෙනෙක්ම ඒක හදපු කෙනාගෙ අම්මා තාත්තා මතක් කරලා තමයි වයිරස් එක ගැන කියන්න පටන් ගත්තෙ. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් නැතිවුන ෆයිල්ස් ටික ගන්න විදිහක් මේකෙ කමෙන්ටුවක් විදිහට දාන්න.. ඒක මට ලොකු උදව්වක් වේවි... බොහොම ස්තුතියි!

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...