Monday, June 14, 2010

Creative and funny Ads of 2010






I found these images through internet. Enjoy its interesting. And don't forget to leave a comment.

Monday, June 7, 2010

අපි නොදන්න "IIFA"

ජාත්‍යන්තර ඉන්දියානු චිත්‍රපට ඇකඩමියේ සම්මාන ප්‍රදාන උත්සවය, අපි දන්න විදිහට IIFA පහුගිය සෙනසුරාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අති උත්කර්ශවත් අන්දමින් පැවත්වුනා කියන්නෙ! හබැයි මෙක ලියන වේලාව වෙනකොටත් ඒකෙ හොඳක් කියන අය හම්බවුනේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. ඇත්තටම IIFA නිසා රටට පාඩුවක් වුනා ද? නැත්තම් ඔය සමහර අය කියනවා වගේ "නංගි පෙන්නලා අක්ක දුන්නා" වගේ වැඩක් ද කළේ? එක එක අය එක එක දේවල් තමා කියන්නෙ!

මේ අතරේ සමහර අයට IIFA බලන්න ටිකට් එකක් ගන්න සල්ලි නැතුව සංවිධායකයින්ට අම්බානට බැනලා මූනු පොතේ කමෙන්ට් එහෙම දාල තිබුනා දකින්න ඇතිනේ, ලංකාව දුප්පත් රටක් ලු, ඒ නිසා ලොකු ගනන් වලට ටිකට් අරගෙන IIFA බලන අය රටට කරන්නෙ ද්‍රොහී කමක් ලු!! IIFA බලන්නෙ නැතුව ඒ ටිකට් වලට වියදම් කරන සල්ලි දුප්පත් මිනිස්සුන්ට දෙන්නලු!(කරන්න පුලුවන්නම් ඇත්තටම හොඳයි). මේ ගැන මගේ අදහස නම් මීට වඩා වෙනස්. විනෝද වෙන්න ඕනෙ නම්, වියදම් කරන්න සල්ලිත් තියෙනවානම් ඕන කෙනෙක් ඕන විදිහකට IIFA බලපුදෙන්. අපිට පාන් යැ...!!! සමාජ විරෝධී වැඩ කරන්නෙ නැතුව වැඩිපුර තියෙන සල්ලි වලින් IIFA වගේ දෙයක් බලන එකේ වැ‍රැද්දක් නම් මට පේන්නෙ නෑ. ඒත් වියදම් කරන මුදල නම් අපරාදෙ තමා. රුපියල් ශත නෙමේ නෙ, ලක්ෂ ගනන්.

පාරෙ යනකොට වැරදීමකින් කවුරුහරි ඇඟේ හැප්පුනත් ඒක දේශපාලනීකරනය වෙන ලංකාවෙ IIFA දේශපාලනීකරනය නොවී තියෙයි ද!! ඔය ටීවී වලින් දැක්කෙ, ශාරුක් ඛාන් ලා, අභිතාබ් බච්චන් ලා ආවේ නැති එකේ දුකට කට්ටිය මාධ්‍යය සාකච්ඡා තියලා දුක කියනවා..! අනේ ඉතින්  උන්ට එන්න බැරි එකටත් ආණ්ඩුවනේ වගකියන්න ඕනෙ!! IIFA ලංකාවෙ පැවැත්වීම ගැන ප්‍රශ්න නැතුවාම නෙමෙයි, නමුත් මේවගෙ පුංචි දේවල් වලටත් ආණ්ඩුවට වැ‍රැදි කියන එක නම් හොඳ නෑ. කවුරු නාවත් මේකෙන් රටට හොඳක් වෙනවානම් එච්චරයි, පහුගිය කාලෙ තිබුන තත්වෙ හැටියට මේ නිසා ලංකාව සංචාරයට සුදුසු තැනක් කියලා සහතිකයක් ලැබිලා තියෙනවා... ඒ වගේම ලංකාව ආරක්ශිත රටක් කියලාත් මේ ලෝකයට පෙන්නන පුලුවන් වුනා.

වැරදි තියෙන්න ඇති, මහා යුද්ධයක් දිනුව රටක් හැටියට ලංකාවෙ කිසිම අනතුරක් නැතිව මේ වගේ විදේශීය සම්මාන උත්සවයක් පැවැත්වීම ගැන නම් ඇත්තටම සතු‍ටු වෙන්න ඕන. රටට, රටේ අනාගතයට හොඳක් වෙනවනම් ශාරුක් ඛාන් ලා, අබිතාබ් බච්චන් ලා විතරක් නෙමෙයි වෙන මොකා ආවෙ නැතත් කමක් නැ.... වැඩේ හොඳට, හරියට වුනානම් එච්චරයි.

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...