Sunday, May 29, 2011

පරන්තන් සිට සුන්දර මුලතිවු නගරයට ගියෙමි

මීට ටික දවසකට ඉස්සෙල්ලා මුලතිවු, පුදුකුඩුඉරිප්පු පැත්තෙ චාරිකාවක් යන්න කණා චාන්ස් එකක් සෙට් වුනා, ඒ ගමනේ අත්දැකීම් අනුවයි මේ ලිපිය ලියන්නෙ,

ගමන පටන්ගත්තෙ පහුගිය 12 වෙනිදා පාන්දර 5ට විතර, දීර්ග ගමනකට පස්සෙ දවල් 10 විතර වෙනකොට ඕමන්තේ යුද හමුදා මුරපොලට යන්න පුලුවන් උනා, එතනින් ලියාපදින්චි වෙලා මාන්කුලම්, කොකාවිල්, ඉරනමඩු පහුකරලා දවල් 11.30 විතර වෙනකොට කිලිනොච්චියට යන්න පුලුවන් උනා. 2009 දෙසැම්බර් වල යාපනේ යද්දි තිබුන කිලිනොච්චි නගරය මේ වෙනකොට සැහෙන්න දියුනු වෙලා, ලොකු වෙනසක් දකින්න තිබුනා.

කිලිනොච්චියෙ ඉඳලා කිලෝමීටර් 11ක් විතර ගමන්කළාම පරන්තන් නගරයට යන්න පුලුවන්, ඒ වෙනකල් A9 පාරෙ ගමන්කල අපි, පරන්තන් වලින් දකුණට හැරිලා A35 පාරෙ යන්න වුනා... A35 පරන්තන්-මුලතිවු ප්‍රදාන පාරක් උනාට තාම තාර දාලා නෑ. යුද්දයෙන් පස්සෙ මේ පාර දෙපැත්තෙ ප්‍රදේශ වල ජනතාව පදින්චි කරලා තවමත් මාස 4ක් විතර නිසා මේ ප්‍රදේශ තවමත් සම්පූර්ණයෙන්ම යථාතත්වයට පත්වෙලා නෑ.

තාර නැති A32 පරන්තන් මුලතිවු මාර්ගය..
ටිකෙන් ටික මිනිස්සු ඉන්න ප්‍රදේශ පහුකරලා තවමත් හරියට බිම්බෝම්බ ඉවත්කරලා නැති යුදහමුදාව පාලනය කරන ප්‍රදේශ හරහා ඉදිරියට ගියා, එක්තරා යුදහමුදා මුරපොලකදී (තැන කොහෙද කියලා මතක නෑ) අපෙ අවසර පත්‍ර පරික්ශා කරලා ඉදිරියට යන්න වුනා, මෙතැනින් එහාට හමුදාව යටතේ පවතින නගර වලට යන්න ජාතික ආරක්ශක අමාත්‍යාංශෙන් අවසර අරන් තියෙන්න ඕනෙ. යුද්දයේ අන්තිම දවස් වල LTTEයෙන් කට්ටපරිච්චාන් වැව් බැම්ම පිපිරෙව්වාම ඒ වැවේ වතුර ඇවිත් හිරවෙලා පවතින පොඩි ප්‍රදේශයක් තාමත් තියෙනවා, A35 පාර යන්නෙ ඒ උඩින්, නමුත් මේ ටිකෙ මීටර් 200ක් විතර වතුරෙන් යටවෙලා නිසා ඒ වෙනුවට ඊට උඩින් අලුත් පාරක් කපලා තියෙනවා. අපිටත් යන්න වුනේ ඒ අලුත් පාරෙන්.

මේ අතරමග යුද්දයෙන් ඉතිරිවෙච්ච සළකුණු සෑහෙන්න තියෙනවා, අතඇරලා දාපු වාහන, උණ්ඩ සලකුණු වලින් පිරුනු ගොඩනැගිලි වගේ තවත් බොහෝ දේවල්, ඒ මදිවට බිම් බෝම්බ..

තැන තැන විසිරුනු දිරාපත්වෙමින් පවතින වාහන
මේවැනි වාහන බොහෝමයක් මුලතිවු මාර්ගය දෙපස දිරාපත් වෙමින් පවතී.
මේ යායේ බයිසිකල් කොපමන ඇත්ද?
ඉදිරියට යන්න යන්න තිබුන ගොඩනැගිලි වලට වෙලා තිබුන හානිය වැඩියි, ගොඩාක් ගෙවල්, පල්ලි වගේ ගොඩනැගිලි වල ඉතුරු වෙලා තිබුන බිත්ති කිසිම විදිහකට නැවත පාවිච්චි කරන්න බැරිවෙන තරමටම විනාශ වෙලා, කෙටියෙන්ම කිව්වොත් මේ ප්‍රදේශයේ තියෙන සියලුම ගොඩනැගිලි නැවත මුල ඉඳල හදන්න වෙන තරමටම විනාශ වෙලා. ඔහොම ගිහින් පුදුකුඩුඉරිප්පු නගරයට ආවා...

ඉවරවුන යුද්දයෙන් වෙච්ච වැඩිම හානිය වෙලා තියෙන්නෙ පුදුකුඩුඉරිප්පු නගරයට වෙන්න ඕනෙ, තිබුන කිසිම ගොඩනැගිල්ලක් පාවිච්චි කරන්න බැරි තරමටම විනාශ වෙලා, අතරින් පතර යුද හමුදා කඳවුරු වල අපේ රණවිරුවො හැරුනාම  ගරාවැ‍ටුන පුදුකුඩුඉරිප්පු නගරෙ කිසිම කෙනෙක් නෑ,  එහෙම්පිටින්ම පුදුකුඩුඉරිප්පුව හොල්මන් නගරයක් වෙලා.

පුදුකුඩුඉරිප්පු සිට දුර
ගරාවැ‍ටුනු පුදුකුඩුඉරිප්පුවේ ගොඩනැගිලි
ගරාවැ‍ටුනු පුදුකුඩුඉරිප්පුවේ ගොඩනැගිලි
පුදුකුඩුඉරිප්පු ඉඳලා මුලතිවු වලට තියෙන කිලෝමීටර් 17ක විතර කොටසත් මේ වගේම තමයි, ත්‍රිවිද හමුදාවල බොහෝ සේනාංක මේ ප්‍රදේශයෙ ස්තානගතවෙලා තියෙනවා දකින්න පුලුවන්, සවස 3.00 විතර වෙනකොට මුලතිවු නගරයට සේන්දු වුනා,

සුන්දර මුලතිවු වෙරළ
මුලතිවු වෙරළේ ඉතිරි වූ යුද්දයක සිහිවටන
සංවර්ධනයේ පහස ලබා..
රාජකාරි වැඩ ඉවර උනාම මුලතිවු නගරෙ ටිකක් ඇවිදින්න හිතාගෙන හිටියත් වැඩ ඉවරවෙනකොට අඳුර වැටිල තිබුන නිසා නගරේ ඇවිදින්න පුලුවන්කමක් ලැබුනේ නෑ. මුල දවසේ රෑ නවතින්න තිබුනෙ මුලතිවු නගර ඉඳලා ටිකක් දුරින් තියෙන මුලතිව් වල ඉදිකිරීම් කටයුතු සිදුකරන සමගමක ඉන්ජිනේරුවන්ගේ නිළ නිවසක (මුලතිවු නගරෙ සංචාරක නවාතැන් නම් තාමත් නෑ)

නන්දිකඩාල් කලපුවේ පහල කොටස
මුලතිවු වල ගොඩක් ඉන්නෙ ධීවර වෘත්තිය ජීවිකාව කරගත්තු මිනිස්සු, ඒ වගේම මුලතිවු නගරෙටම තියෙන්නෙ එකම එක කාර් එකයි ලු! අනිත් ඔක්කොම වාහන නගරෙ සංවර්ධන වැඩ වලට පිටින් ගිය ඒවා ලු, ලංගම බස් සේවයක් නම් තියෙනව දකින්න තිබුනා, නමුත් බයිසිකල්, ත්‍රීවීල් සෑහෙන්න තිබුනා. ලඟදි පදිංචි කළ නගරයක් නිසා ලොකු ගොඩනැගිලි නම් නෑ, මුලතිව්වල හැම ගෙදරකටම අවුරුද්දක කාලයක් නොමිලේ විදුලිය දීලා තියෙනවා (මේ ගමන යනකොට මුලතිව් වල නැවත පදින්චි කරල මාස 3ක් විතර) මුලතිව් වල මදුරුවො නැද්ද කොහෙද, රෑ මදුරුවෙකුගෙ සද්දයක්වත් ඇහුනෙ නෑ.

***********************************************************************************************************

පහුවෙනිදා පාන්දර මුලතිවු වල පොඩි රවුමක් ගහන්න ලැබුනා, බයිසිකල් වලින් ඉස්කෝලෙ යන ළමයි නගරයට අමුතුම ලස්සනක් ඇතිකරනවා, ඒ වගෙම මුහුදු යන්න සූදනම් වෙන ධීවරයො පාන්දර ඇවිත් දැල් වේලනව දකින්න පුලුවන්, තවත් සමහර තැන් වල මාදැල් අදිනවා දකින්නත් තිබුනා, පාන්දර 9 විතර වෙනකොට සුන්දර මුලතිවු නගරයෙන් පිටත්වෙලා A34 පාරෙන් කොළඹ එන්න පිටත් වුනා....

Friday, May 27, 2011

නිවැරදි වෙබ් ලිපිනයක් ‍තෝරාගැනීම

මාස තුනකට විතර පස්සෙ පොස්ට් එකක් දාන්නෙ, මේ වෙනකන් වල්පල්, සමාජය වගේ දේවල් ගැන ලිව්ව මගේ සටහන් පොතේ මෙතැන ඉඳලා තාක්ශනය, අලුත් දේවල් ගැන ලිපි ලියන්න පටන්ගන්නවා. ඒ විදිහට ලියන පලවෙනි ලිපිය අද මේ විඩිහට දානවා, කියවන හැමෝම කමෙන්ට් එකක් දාන්න පුලුවන්නම් ගොඩාක් හොඳයි..... දැන් මාතෘකාවට බහිමු,

ව්‍යාපාරික වෙබ් අඩවියක, නැත්නම් පෞද්ගලික වෙබ් අඩවියක ජනප්‍රියතාවය බොහොවිට රඳාපවතින්නේ එහි වෙබ් ලිපිනය මත. එමගින් වෙබ් අඩවිය වෙත පමිනෙන්නන් ප්‍රමානය තීරනය කෙරෙනවා, කෙටියෙන්ම කිව්වොත් වෙබ් අඩවියෙන් බලාපොරොත්තු වන අරමුණු ඉ‍ටුකරගන්න එහි ලිපිනය ප්‍රදාන වශයෙන් බලපානවා. මේ නිසා නිවැරදිව, පහසුවෙන් හඳුනාගතහැකි, මතකහිටින නමක් තිබීම වෙබ් අඩවියකට හෝ එය අයත් සමාගමට ඉතා වැදගත්. හොඳ වෙබ් ලිපිනයක් ලිපිනයක් ‍තෝරාගැනීමේදී සැලකිය යුතු මූලික කරුණු කීපයක් ගැන සලකා බලමු.

  • අදාළ වෙබ් ලිපිනය මගින් වෙබ් අඩවියේ අරමුණ සහ අන්තර්ගතය ගැන අදහස් විය යුතුයි.
    - බ්ලොග් අඩවි වලට මෙය එතරම් වැදගත් නැති වුනත් ව්්‍යාපාරික අරමුණු උදෙසා සැකසුනු වෙබ් අඩවි වලට මෙය ඉතා වැදගත්. වේබ් අඩවියේ ලිපිනයෙන් මුලු අඩවියේම අන්තර්ගතය තේරුම් ගත හැකි විය යුතුයි. උදාහරණ විදිහට www.technohug.com, www.nalandascouts.org වැනි වෙබ් අඩවි හඳුන්වන්න පුලුවන්. නමුත් kaputa.com, malkoha.com වැනි වෙබ් අඩ්වි වල අන්තර්ගතය නම ඇසූ පමනින් තේරුම්ගැනීම අපහසුයි.
  • වෙබ් ලිපිනය ඕනෑවට වඩා දිගු නොවිය යුතුයි.
    - මුලින් එදෙන www. සහ .com .lk වැනි ඇරුනාම වෙබ් අඩවියේ ලිපිනය මද්‍යස්ත දිගකින් යුතු වීම වැදගත්. මගේ අදස අනුව නම් මේ සඳහා ඉංග්‍රීසි අකුරු 5 ත් 15 ත් අතර ප්‍රමාණයක් යොදාගන්නවානම් වඩාත් හොඳයි.
  • උච්චාරනය වන ආකාරයට පහසුවෙන් හඳුනාගතහැකි වීම.
    - ඇසූ පමනින් හඳුනාගතහැකි ලිපිනයක් තිබීම වඩා හොඳයි. නවාතැන.com වැනි වෙබ් අඩවියක නම ඇසූ විට එය navathaena.com ද navathana.com ද නැතිනම් navathena.com ද යන්න නිවැරදිව වටහාගන්න අපහසුයි. එමගින් අඩවියට පැමිනෙන්නන් ප්‍රමානයත් අඩු කෙරෙනව. නමුත් එලකිරි.com වැනි නමක් elakiri.com ලෙස පහසුවෙන් හඳුනාගන්න පුලුවන්.
  • ලිපිනයේ අතරමැදින් සළකුණු (symbols) කිසිවක් නොයෙදීම.
    - ආයතන සඳහා වන වෙබ් අඩවි වලට මෙය ඉතා වැදගත්. උදාහරණ විඩිහට i-sys.org යන ලිපිනයට සාපේක්ශව isys.org යන ලිපිනය වඩා හොඳයි.
  • අවසාන වශයෙන්, වෙබ් අඩවියේ අරමුණු වලට සරිලන ආකාරයේ පාඨක පිරිසක් ආකර්ශනය කරගත හැකි ආකාරයේ ලිපිනයක් මේ සඳහා යේදීම වැදගත්.
    - උදාහරනයක් විදිහට mp3 dounload කරන වෙබ් අඩවියකට mp3zone වගේ නමක් යෙදීම වඩාත් ගැලපෙනවා.

අදට මේ ඇති.. Web hosting ගැන මීලඟ ලිපියෙන් කියන්නම්.

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...