Sunday, October 23, 2011

Facebook හි හයිද්‍රාබාද් සහ කැලිෆෝනියා කාර්යාල

මීට ඉස්සෙල්ලා ලිව්ව මූණු පොතේ ජාල ගොවිපල සහ කන්තෝරුව | Facebook Server Farm and Office ලිපියෙ ඉතිරි ටික තමයි මේ. මගේ සටහන් පොත Foto blog එකක් නම් නෙමෙයි. අපි දන්න, නමුත් වැඩිදෙනෙක් නොදන්න බලන්න වටින දේවල් වගයක් නිසා මේ විදිහට දානවා....

  • මේ හයිද්‍රාබාද් වල...
මෙහෙම තනියෙන් වැඩකරන අයත් ඉන්නවා ..
වැඩකරන තරතුර පොඩි පිXසු වැඩක්..
මෙයාලු ‍තෝරගෙන තියෙන්නෙ!! :D
කට්ටිය බැල්කනියෙ ඉඳලත් වැඩ
  • කැලිෆෝනියා කාර්යාලය
facebook බිත්තියෙ තවත් අනුරුවක්
මේ bord room එක වෙන්න ඕනෙ!

මීට ඉස්සෙල්ලා ලිපියෙ තිබුන facebook server farm එක තියෙන්නෙත් කැලිෆෝනියාවෙ මේ කාර්යාලයේ ම තමයි. ඒ ලිපිය මෙතනින් බලන්න පුලුවන්.

Sunday, October 2, 2011

ඩයලොග් ජන්ජාලේ - ජංගම දුරකථන පාවිච්චි කරන අය මේ ගැන සැලකිලිමත් වන්න

මේක මීට මාස තුන හතරකට විතර ඉස්සෙල්ලා මට වෙච්ච ඇබැද්දියක්. අපි නැග්ගොත් ඉතින් පුවක් ගහෙත් දෙබලක් ලු නෙ! ඒ වුනාට ඒ වුනාට ජංගම දුරකතන පාවිච්චි කරන හැමෝටම මේ දේ වෙන්න පුලුවන්. මෙන්න මේකයි කතාව,

කරන්න වැඩක් නැතුව චාටර් වෙවී හිටිය දවසක නිකමට වගේ හිතුනා මොබ්යිල් එකෙන් #132# ගහල මගේ ලියාපදිංචි විස්තර බලන්න. ඔන්න ඉතින් #132# ගහල එන මෙනූ එකෙන් 1ත් ගහල බැලුවා, එන විදිහට නමයි ID number එකයි හරි. ඊලඟට පුලුවන්නෙ මගේ ID number එකෙන් තියෙන අනිත් සම්බන්දතා ටික බලන්න, නිකන් දෙන service එක නිසා ඒකත් බැලුවා... එතකොට තමා වැඩේ පත්තු වුනේ. මම ගත්තු ඩයලොග් නම්බර් 2 ට පස්සෙ තවත් නම්බරයක් තියෙනවනෙ මගේ නමට!!  දැන් තමා ඉහෙන් කනින් දාඩිය දාන්න ගත්තෙ. කවුද දන්නෙ කවුරු මොනවට පාවිච්චි කරන නොම්බරයක් ද කියල!! වැරදිලාවත් පාවිච්චි කරන එකා ඒක ත්‍රස්තවාදී වැඩකට (කාටහරි ගේමක් දෙන්න එහෙම) පාවිච්චි කරපු එකක් නම් මටනෙ කෙලවෙන්නෙ! තියෙන්නෙ මගේ නමට නෙ!!

ටිකක් වෙලා ඉඳලා ගත්තා ඩයලොග් Cutomer care එකට කෝල් එකක්, ටිකක් විතර කාලෙ කාලා අනිත් පැත්තෙන් සෙට් වුන dialog නංගිට සම්පූර්ණ විස්තරේ කිව්වා.. කතාකරනකොට තේරෙනව එයාටත් වැඩේ අවුල් වගේ. මගෙන් දෙතුන් පාරක් ම ඇහුවා මම ගත්ත එකක් නෙවේමද... කියලා. මම ගත්තනම් ඉතින් අමතක වෙන්න විදිහක් නෑ නෙ! පස්සෙ බැරිම තැන එයා කියනව ලඟ තියෙන ඩිඅලොග් ආකේඩ් එකකට ගිහින් සීන් එක කියල බලන්න ලු.

පස්සෙ දවසෙ උදේ පාන්දර ම ගියා බො‍රැල්ලෙ ඩයලොග් එකට. ගිහින් සම්පූර්ණ සිද්දිය කිව්වා. ඒකෙ හිටිය අය මගේ ID එකත් ඉල්ලගෙන ඔක්කොම බලලා ආයෙත් අහනවා මම ගත්ත එකක් නෙවෙයි ම ද කියලා! උන් ඔක්කොටම නෑ... ම කිව්වට පස්සෙ ඒක disconnect කරන්න පුලුවන් කියලා කිවවා. තව ඒකෙ පාවිච්චි කරපු හැටි ගැන විස්තර දැනගන්න ඕනෙනං මරදානෙ තියෙන ඩයලොග් ආකේඩ් එකට යන්නත් කිව්වා. අපිට ඉතින් කරන්න වෙන වැඩ නෑ කියලා වෙන්න ඇති හිතනව ඇත්තෙ! කෝකටත් හොඳ නිසා මම කිව්වා ඒක ඩිස්කනෙක්ට් කරන්න කියලා. අනේ අපරාදෙ කියන්න බෑ එතන හිටිය අක්කා මගෙ ID එකත් අරගෙන සිම් එක ඩිස්කනෙක්ට් කරන්න තියෙන ෆෝම් එකේ ඔක්කෝම පුරවලා දුන්නා යට සයින් කරන්න. එහෙම දුන්නකියලා නිකන් අත්සන් කරන්න බෑ නෙ! මම ඒකෙ උඩ ඉඳලා පහලටම පුරවපු ටික කියවලා බැලුවා. ඔක්කොම හරියට තිබුනා ඒත් ඒකෙ තිබුනෙ මගේ නම නෙමෙයි. ඉතින් සයින් කරන්නෙ නැතුවම ෆෝම් එක ආයෙත් දුන්නා, එයා ඒක සිස්ටම් එකෙන් චෙක් කරලා කියනවා, මාර වැඩේ නෙ, සර්ගෙ ID number එකට තියෙන්නෙ මේ නමනෙ කියලා! මේක චෙක් කරද්දි මගේ ID එක තිබුනෙ එයා ලඟ, එතකොට තේරෙනවනෙ වෙලා තියෙන දේ!!

ඊට පස්සෙ ඉතින් head office එකට කතාකරලා සීන් එක ගැන හොයලා බැලුවා. බඩුම තමයි, මගේ ID number එකට තියෙන්නෙ වෙන නමක්! ඒ වුනාට #132# ගහලා බැලුවම මගේ නම ලස්සනට පෙන්නනවා මගේ නම්බර් දෙකයි අනිත් නොම්බරෙත් එක්ක. විනාඩි 10ක් විතර කට්ටිය කතාකරලා අන්තිමට මට කිව්වා head office එකට කිව්වා, ඒකෙන් කෙනෙක් කතාකරයි කියලා. එතකන් බය නැතුව ඉන්න කියලත් කිව්වා.

තවත් පැය දෙකකට විතර පස්සෙ ආව ඩයලොග් එකෙන් call එකක්. හලෝ මිස්ටර් **** ඉන්නවද කියල ඇහුවා (**** කිව්වෙ මගේ නම නෙමෙයි අර මගේ ID එකට දාල තිබුන නම). මම ඉතින් නෑ කියලා අවුල ලිහාගෙන විස්තරේ කිව්වා. පස්සේ මම ඩයලොග් එකෙන් ගත්ත connections ගැනයි තව මොනවද වගයක් ඇහුවා. අන්තිමට ඒ ගැන හොයලා බලන්නම් කියලා කෝල් කළ කෙනා තිබ්බා. තවත් පැයකට විතර පස්සෙ ඩයලොග් එකෙන් කතාකරලා කිව්වා වෙලා තිබුන ප්‍රශ්නෙ විසඳුවා, ඒ කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කළා කියලා. මම ආයෙත් #132# ගහලා බැලුවා. එතකොට නම් වැඩේ හරි, නොදන්න number එක අයින් වෙලා තිබුනා.

මේ සිද්දිය වෙලා මාසයක් විතර ගියාට පස්සෙ ආයෙත් ඩයලොග් එකෙන් කතාකළා. ඒ ගැන ඇතුලෙන් පරීක්ශණයක් කරනව ලු. අහනවා ඒකෙන් වුන අපහසුතා මොනවද, ඩයලොග් ගැන තිබුන ආකල්ප වෙනස් වුනාද, තවදුරටත් ඩයලොග් පාවිච්චි කරනවද.. වගේ දේවල්. මම ඉතින් හොඳට ලුනු ඇඹුල් ඇතුව කිව්වා... පස්සෙ මොනවා වුනාද දන්නෙ නෑ. ඒ වුනාට මේ ගැන Dialog එක කටයුතු කළ විදිහ ගැනත් සෑහීමකට පත්වෙන්න පුලුවන්. තිබුන වැරද්ද එක දවසෙන් හැදුවනෙ මාව එච්චර රස්තියාදු නොකර.

මේ සිද්දියෙන් පස්සෙ පුරුද්දක් විදිහට මම පාවිච්චි කරන ඩයලොග් සහ මොබිටෙල් සිම් දෙකේ ම registration details මාස දෙකකට සැරයක් වත් චෙක් කරලා බලනවා. මට එච්චර අවුලක් වුනේ නැති වුනාට ඒ නොදන්න සිම් එකෙන් වැරදි දෙයක් කරලා තිබ්බනම් මම තමයි ගස් යන්නෙ!! ඒ නිසා මේක කියවන අය හැම කෙනෙක්ටම කියන්න තියෙන්නෙ, තමන්ගෙ mobile connection එක ගැන අවදානයෙන් ඉන්න අමතක කරන්න එපා. ඩයලොග්, මොබිටෙල් වගේ මොන සම්බන්ධතාවක් පාවිච්චි කළත් මේ වගේ දේවල් වෙන්න පුලුවන්. දෙයක් වුනාම ඒ ගැන දුක්වෙනවට වඩා වෙන්න තියෙන දෙයක් වළක්වාගන්න එක නෙ හොඳ.

*********************

මේ ගැන ඔබේ අදහස් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් සටහනකින් හමුවෙමු.

Saturday, October 1, 2011

මූණු පොතේ ජාල ගොවිපල සහ කන්තෝරුව | Facebook Server Farm and Office

හැමදාම මූණු පොත පාවිච්චි කරන අය ගෙන් කීයෙන් කී දෙනා ද දන්නෙ අපේ දත්ත තියෙන්නෙ මේවගේ තැනක බව..? පහලින් තියෙන්නෙ පහුගිය දවසක e mail එකකින් ලැබුන Facebook server farm එකේ පින්තූර වගයක්.



මගේ Profile data තියෙන්නෙ මේ cell එකේ වෙන්න ඇති..




පැටලුනොත් කොහොමද දන්නේනෑ ලිහාගන්නෙ..

  •  අපි දන්න facebook wall එකේ ඇත්ත එක...
මේක හරියට බාලිකා පාසලක තාප්පයක් වගේ නේද.. :D

  •  ඇතුලෙ කට්ටිය වැඩකරන්නෙ මේ වගේ වටපිටාවක ලු!



ඕනෙ වෙලාවක සින්දුවක් කියලා පොඩි fun එකක් ගන්නත් පුලුවන්

මේවනම් හොරෙන් ඇතුලට ගෙනියපු ඒවා වෙන්න ඇති :D
  •  Facebook නිශ්පාදන


  • මේ තියෙන්නෙ Mark අයියගෙ room එක ලු

 facebook වල ඉන්දියාවෙ සහ චීනෙ ශාඛා වල පිංතූරත් මේවත් එක්ක තිබුනා, ඒවා මීලඟ ලිපියෙන් පෙන්වන්නම්. බැලුවා නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...