හරියට නින්ද නොගිය දවසක අඩනින්දේ හිතට ආව අදහස් ටිකක් තමා මේ ලියන්නෙ. සමහරුන්ට නම් මේක එච්චර වැදගත් මාතෘකාවක් නොවෙන්න පුලුවන්.. ඒත් හිතලා බැලුවමයි තේරෙන්නෙ අඩ නින්දේ හිතට ආව අදහස් වල හරවත් බව..
ලොකු පොඩි, බාල මහලු හැම කෙනෙක් ටම නිදාගන්න කොට්ටයක් අත්‍යාවශය වෙනවා, බුද්ධිමත්, මෝඩ හැම කෙනෙක් ගේම, හොඳ, නරක ඔලු හැම එකක්ම රෑට කොට්ටෙට තමයි බාර. වැරදිලාවත් කොට්ටයක් කතාකලොත් මොනවගේ දේවල් කියයි ද....? මේ කාලෙ කට්ටියගෙ කාර්යබහුලත්වයෙ හැටියට දවස් දෙකක් විතර නාන්නෙ නැතුව නිදාගන්න අය ඇති නෙ! එහෙම කෙනෙක් නිදාගන්න ගියාම කොට්ටෙ මොනතරම් අපහසුතාවයකට පත්වෙනව ඇතිද..!! පන නැති නිසා හොඳයි. සමහරු හෙයා ජෙල්, හෙයා ඔයිල් වගේ නොයෙකුත් දේවල් ගාලා ඔලුව හෝදන්නෙ නැතුව නිදාගන්නවනෙ! එහෙම වෙලාවක කොට්ටෙට කොහොම දැනෙනවද දන්නෙ නෑ..!
අපේ කට්ටිය කොට්ට පාවිච්චි කරන්නෙ නිදාගන්නම විතරක් නෙමෙයි.. මදුරු දැලක් නැත්තම්, කොනකින් අල්ලා ඇඟ පුරාම ඉන්න මදුරුවො තලන්නත් කොට්ටෙ යොදාගන්නවා (විශේෂයෙන්ම මදුරුවො කාලා නින්දෙන් අහැරුන වෙලා වලට).
රෑට ෆෝන් වල එල්ලිලා ගෙදරට හොරෙන් මල් කඩන නංගිලා මල්ලිලාට කොට්ටෙ මොනතරම් වැදගත් වෙනවා ඇත්ද.. කාටවත් ඇහෙන්නෙ නැතිවෙන්න කතාකරන්න කොට්ටෙ ඕනෙ ලු නෙ! එහෙමයි කියලා ඒ කවුරුත් කොට්ටෙට කළගුණ සලකනවද කියලනම් දන්නෙ නෑ.. සතියකට සැරයක් වත් කොට්ට උරේ මාරු කරනවානම ඒවගේ අයගෙ ඇඟට ගුණයි ලු!!
සමහරු තමන්ගෙ දුක කියන්නත් කොට්ට පාවිච්චි කරනවා. සමහර ගෑණු ළමයි විභාග ෆේල් උනාම, තමුන් කැමති කෙනා "සුපර්ස්ටාර්" වටයෙන් කැපුනම..bla bla වගේ අවස්ථා වල කොට්ට බදාගෙන අඬනව කියන්නෙ!! අපි දන්නවයැ ඕවා..! ඒ වගේ අයගෙ කඳුලු ටොන් ගානක් කොට්ට වලට උරාගෙන ඇති නේ!!
එච්චර හිතුවෙ නැති උනාට, කොට්ටේ මිනිස්සුන්ට කොච්චර අත්‍යාවශ්‍ය දෙයක් ද...? කොට්ට නැති ලෝකයක් මොන වගේ වෙයි ද?? අපේ ගැමියො කොට්ටේ වැදගත්කම දැකලද දන්නෙනෑ, කොට්ටෙට ගරු කිරීමක් වශයෙන් අවුරුදු උත්සව වලට "කොට්ට පොර" ක්‍රීඩාවක් විදිහට එකතු කළේ!
*******************************************************
ඊට පස්සෙ නින්ද ගියාද කොහෙද! පාන්දර අවදි වෙනකොට මෙච්චර තමයි මතක තිබුනෙ.
Subscribe to:
Post Comments (Atom)
පොල් කුරුමිනියා
කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...
-
මේක මීට මාස තුන හතරකට විතර ඉස්සෙල්ලා මට වෙච්ච ඇබැද්දියක්. අපි නැග්ගොත් ඉතින් පුවක් ගහෙත් දෙබලක් ලු නෙ! ඒ වුනාට ඒ වුනාට ජංගම දුරකතන පාවිච්චි...
-
ජාත්‍යන්තර ඉන්දියානු චිත්‍රපට ඇකඩමියේ සම්මාන ප්‍රදාන උත්සවය, අපි දන්න විදිහට IIFA පහුගිය සෙනසුරාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අති උත්කර්ශවත...
-
මට මතක තියෙන ඉතිහාසේ හැටියට නම් මුලින්ම මගේ හිත ගියේ ජාතික රූපවාහිනියෙ විකාශය වුන නරියගෙයි හාවගෙයි කාටූන් එකට. දෙබස් නැති වුනාට සෑහෙන්න වින...
අඩේ මම කොට්ට නැතුව නෙව බුදියන්නේ......නින්ද නම් යන්වා බං ගින්දර වගේ....:D
ReplyDelete@ Shadow/හේමලයා - හොඳ අදහස! උත්සාහ කරලා බලන්න ඕන. වැඩේ ලේසි වෙයිද දන්නෙ නෑ!!! :-D
ReplyDeleteකොට්ටේට කලගුන සලකන්න දවසක් වෙන්න් අකරන්න වෙයි වගේ...
ReplyDeletehehe.. aththa thamai ayye.. :D cnt imagin a wrld widout da pillow.. ! :)
ReplyDelete- D-
hehe.. aththa thamai ayye.. :D cnt imagin a wrld widout da pillow.. ! :)
ReplyDelete- D-
hehe.. aththa thamai ayye.. :D cnt imagin a wrld widout da pillow.. ! :)
ReplyDelete- D-
මගේ නම් කොට්ට පාවිච්චිය අඩුයි.
ReplyDeleteපාවිච්චියක් නැතිතරම්.