Monday, December 14, 2009

අපේ ගිණිමැළ සංදර්ශනය...

මගේ මුල්ම ලිපිය විදිහට මම දන්න දෙයක් ගැන ලියන්න හිතුනා! ඉතින් පොඩිකාලෙ ඉඳලම Scouting කරලා තිබුන නිසා ඒ ගැන article එකක් ලියන්න හිතුවා!

බාලදක්ෂ කඳවුරු ජීවිතයේ ප්රධාන අංගයක් තමයි කඳවුරු ගිණිමැළ කියන්නෙ. සාමාන්යයෙන් බාලදක්ෂ කඳවුරක නම් පාලුව, කම්මැලිකම, පීඩනය වගේ හැඟීම් මගහරවාගන්නත් මිත්රත්වය සහ දක්ෂතා වර්ධනය කරගන්නත් රාත්රියට ගිණිමැළ සන්දර්ශන පවත්වනවා. සාමාන්ය සම්ප්රදායෙ හැටියට නම් ගොඩාක් විනෝදයට බර අංගයක් විදිහට තමයි ගිණිමැළ හඳුන්වන්නෙ. නමුත් ඒ සම්ප්රදායත් රටින් රටට, පාසලෙන් පාසලට, කණ්ඩායමෙන් කණ්ඩායමට වෙනස් වෙනවා. බාලදක්ෂ ක්රියාකාරකම් 100% ම ස්වභාවදර්මය සමග සම්බන්ද නිසා මේ සඳහා බොහෝවිට පරන තාලෙ හැඩයක් (skin එකක් කිව්වොත් තේරෙනවනෙ!!) පාවිච්චි කරනවා.

ඉස්සර කාලෙ මිනිස්සු රාත්රියට ගිනිමැළ පත්තු කරගෙන ඒ වටේ සින්දු කියකියා නටලා විනෝද වුනාලු! ඒ ක්රමය තමයි බාලදක්ෂ ක්රියාකාරකම් වලට සම්බන්ධ වෙලා තියෙන්නෙ. බාලදක්ෂ ව්යාපාරය පටන්ගත්ත බී.පී තුමා සූලූ වරුන්ගෙන් තමයි ගිණිමැළ ආදර්ශයට අරගෙන තියෙන්නෙ. ඒ නිසා ලංකාවෙ බාලදක්ෂ ගිණිමැළ වල බොහෝ විට මේ සූලූ සංකේත සහ සම්ප්රදායන් දැකගන්න පුලුවන්.

පහුගිය දෙසැම්බර් 9 වෙනිදා කොළඹ නාලන්දා විද්යාලයේ බාලදක්ෂයෝ (ඒ කියන්නෙ මගේ බාලදක්ෂ කණ්ඩායමේ) වර්ශ අවසාන කඳවුරු ගිණිමැළය පැවැත්වුවා. ඒකෙ photos ටිකක් තමයි පහල තියෙන්නෙ! අපේ ගිණිමැළ සම්ප්රදාය සාමාන්යයෙන් අනිත් ඉස්කෝල වලට වඩා වෙනස්. Photos ටික බැලුවම ඒ ගැන තේරුම් ගන්න පුලුවන් වෙයි!


ගිණිදලූ නැගයතී.............


සාම්ප්රදායික ආරම්භයක්......




මල්ලිලාගෙ fun items

දැනට මේ ඇති වගේ!! කොහොම නමුත් මේ ලිපිය කියවන, camping වලට කැමති කවුරුහරි ඉන්නවනම් කඳවුරු ගිනිමැළ ගැන අමතක කරන්න එපා. මොකද ඕනම විදිහක කඳවුරක් 100%ම සාර්ථක වෙන්න ගිණිමැළයක් අනිවාර්යයෙන්ම තියන්න ඕනෙ!!! මම කිව්වා වගේ බාලදක්ෂ ගිණිමැළ සංදර්ශනයකට සහබාගී වෙලා බලන්න. ඒකෙ තියෙන විනෝදය ඔයාලටත් තේරෙයි.

පසුවදන - මේක ලියපු font එකේ පොඩි ලෙඩක් නිසා සමහර වචන උච්චාරනය වෙන විදිහ වෙනස් වෙලා ඇති. ඒ අඩුපාඩුව මගේ මීලඟ ලිපි වලින් මගහරවාගන්න උත්සාහ කරනවා. ඒ වුනාට මේක කියවන අය මේ ගැන පොඩි හරි comment එකක් තියයි කියලා හිතනවා. බොහෝම ස්තුතියි.....

Friday, December 11, 2009

ආයුබෝවන්.....!!!

ඕන්න ඉතින්……

A/L කළාට පස්සේ ගෙදර නිකන් ඉන්න බැරි නිසා මටත් හිතනා blog ලියන්න! එහෙම හිතුනට නිකම්ම නිකන් blog ලියන්න පටන්ගන්නත් බෑ නෙ! ටිකක් විතර පුරුදු වෙලා, ඔන්න ඉතින් නමෝ විත්තියෙන් මගේ blog පිටුව මේ විදිහට පටන් ගන්නවා. මගේ වාර්ථා, රස කථා, අමතක නොවන සිදුවීම් වගේ දේවල් මින් ඉදිරියට මේ පිටුවෙන් බලාගන්න පුලුවන්.

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...