Showing posts with label වල් පල්. Show all posts
Showing posts with label වල් පල්. Show all posts

Wednesday, November 30, 2011

පොල් කුරුමිනියා


කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට පොල් ගේන්න වෙලා ය. අපේ වත්තේ මහා පොල් ගස් තුනක් ම තිබුන නමුත් මේ කාලකන්නියා ගස් 3ටම වැඩේ දීලා ය. මුලින් එච්චර ගනන්ගත්තේ නැති නිසා ගස් තුනටම කෙලවෙනකන් වැඩේ දැනුනේවත් නැත.

අන්තිම ගහටත් මූ විදින්න ඉස්සෙල්ලා පොරගේ වැඩ මාට්‍ටු වුනේය. වහාම ක්‍රියාත්මක වී දන්නා අයෙක්ගෙන් මූට ප්‍රතිකර්මයක් ඉල්ලූ විට කුඩු වගයක් දුන්නේ ය. ඒත් කිව්ව විදිහට වැඩේ කරන එක practical නැති බව තේරුනේ ගෙදර ආ පසු ය. ඒ කුඩ සබන් වතුරේ මිශ්‍ර කර ගහේ උඩ සිට පහලට ඉසින්නට උපදෙස් දුන් නමුත් එහෙම කරන්නට එක්කෝ ගුවන් හමුදාවේ සහය ගත යුතුය, නැත්නම් තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් කෙනෙක්ට වැඩේ බාරදිය යුතුවිය. ගස් එච්චරටම උස ය. ඔය දෙකම හරිගියේ නැති තැන ගොඩ වෙදකමක් කරන්නට යැයි සිතා ගමේ පොල් කඩන සිරි අය්යියාට වැඩේ බාර දුන්නේය.

පොර ටිකක් විතර උස පිහියක් කටේ ගහගෙන පොල් ගසට නැග ශිල්ප දැක්වීය. පුදුමයකි, එකෙක් පිහියේ ඇනගෙන ජයග්‍රාහී ලීලාවෙන් ටික වෙලාවකින් පහලට බැස්සේ ය. මෙච්චර විනාසයක් කළ පොල් කුරුමිනියා හරියට දැක්කේ එතකොට ය. ඌ මහා පුදුම සතෙකි, පොල් ගස් තුනකටම වැඩේ දුන් නමුත් කාපුවා කොහෙන් ගියාදැයි දන්නේ නැත, සයිස් එක අඟල් දෙකක්වත් නැත. අන්තිමේ ඌ මරා වැඩේ close කළ  නමුත් ඒ වෙනකොටත් පොල් ගහට වෙන්න ඕන හරිය වී හමාර ය.

සිද්දිය එසේ වූ බැවින් දැන් අපි පොල් ගේන්නේ කඩෙනි. අපි වවමු රට නගමු ප්‍රතිපත්තිය ගානට කරගෙන ආ නමුත් පොල් කුරුමිනියා වැඩේ කෑවේ ය. සමහරු කියන විදිහට පොල් කුරුමිනියා විදේශීය බලවේගයක් වෙන්නට බැරි නැත. නැතම් ආණ්ඩුවෙ "අපි වවමු රට නගමු" ප්‍රතිපත්තිය කඩාකප්පල් කරන්න විපක්ශයෙන් කළ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් විය හැකිය. ඒ කෙසේ වෙතත් අපට කෙලවී හමාර ය.

රටේ පොල් නැති වූ විට අපේ එවුන් ඒවා ආනයනය කිරීමට පුරුදු ව සිටිති, ඒත් මෙවැනි ගැටලු වලට පිළියම් යෙදුවේ නම් එසේ පිටරටට ගලායන විශාල මුදලක් ඉතිරිකරගත හැකිවනු ඇත. කළ යුත්තේ පොල් කුරුමිනියා විනාශ කිරීම ය. එසේ නොකර මේ ගැන තවත් කතාකර වැඩක් නැත. එබැවින් නවතිමි. රට පාලනය කරන උන්ට මෙවැනි ගැටලු පේන්නට දෘශ්ටි මානය (eye site එක) දියුණු වේවායි පතමි.



 

Google වලින් සොයාගත් පොල් කුරුමිනියෙක්..

Tuesday, December 14, 2010

දේශපාලනය සඳහා ප්‍රචාරන ක්‍රම

අද කාලේ හැටියට දේශපාලනේ කරන්න සමාජසේවය, උගත්කම, මනුස්සකම, හැදියාව වගේ දේවල් උවමනා නෑ! ඕනෙ ප්‍රසිද්දිය විතරයි. මිනිස්සු ඡන්දෙ දෙන්නෙ වැඩියෙන්ම ප්‍රසිද්ද කෙනාට මිසක් සමාජසේවය කල අයටම නෙමේ වගෙයි පේන්නේ! පහුගිය කාලෙ තිබුන ඡන්දයි ඒවයෙන් පත්වෙච්ච උදවියයි ගැන සලකලා බැලුවොත් ඕන ගොනෙකුට ඒක තේරුම්ගන්න පුලුවන්. ඒ නිසා කාලේ හැටියට ලේසියෙන්ම ප්‍රසිද්ද වෙන්න පුලුවන් ක්‍රමය කල්පනා කරල බැලුවා.... පොඩි පොඩි අයිඩියා ටිකකුත් ආවා. "මගේ සටහන් පොත" කියවන දේශපාලනේ කරන්න බලාපොරොත්තු වෙන අයගේ පහසුව පිණිස පළවෙනි එක කියන්නම්.

මේකයි වැඩේ, හරිම සිම්පල් ප්ලෑන් එකක්. මුලින්ම පොඩි දේ ලොකු කරලා කියන ටීවී චැනල් එකක් හොයාගන්න ඕනෙ. ඒක තමන් දේශපාලනේ කරන පක්ශයට විරුද්ද මත දරන, තමන්ගේ ප්‍රතිවාදී පක්ශෙට සපෝට් කරන චැනල් එකක් වෙන්නත් ඕනෙ. අන්තිමට, පොඩි දෙයක් වෙච්ච ගමන් උඩුබුරන Breaking news විකාශයක් ඒ චැනල් එකට තියෙන්නත් ඕනෙ. මේ ඔක්කොම හරිනන් ප්ලෑන් එකේ පළවෙනි පියවර ගොඩ.

මෙන්න දෙවෙනි පියවර, මුලින්ම තමන්ගෙ මොකක්හරි ‍රැස්වීමකට ඒ චැනල් එකේ මාද්‍යවේදියො ගෙන්නගන්න ඕනෙ. ඊට පස්සෙ ටිකක් විතර ඒ චැනල් එක, ඒකෙ ප්‍රවුර්ති විකාශය, වැඩසටහන් ගැන විවේචනය කරන්න ඕනෙ. නැත්තං ඒකෙ අවදානය නැතිවෙනවා. අන්තිමට මොකක්හරි පොඩි සිද්දියක් අල්ලගෙන ඒ චැනල් එකේ මාද්‍යවේදියෙක් ට (අනිවා.. කැමරාවක් අතේ තියෙන කෙනෙක් වෙන්න ඕනෙ) පොඩි සද්දයක් දැම්මනම් හරි. ඒත් මදි කියලා හිතෙනවනම් පොඩි පාරක් ගැහුවනම් ගොඩේ ගොඩ. ගහන පාරෙ සැර අනුව තමයි චැනල් එකෙන් මාකට් කරන කාලෙ අඩු වැඩි වෙන්නෙ. ඊටපස්සෙ කරන්න තියෙන්නෙ බලංඉන්න එක විතරයි. අර මාද්‍යවේදියට බලපෑම් කලා කියලා ටීවී චැනල් එකෙන් breaking news දාලා සිද්දිය වුන දවසෙ පැය 24ම කියවලා තවත් දවස් ගානක් යනකම්ම ගැහුව කෙනාගෙ නමයි පවුලෙ විස්තරයි තව දන්න නොදන්න ගොඩාක් විස්තරයි කියවයි.

නිකන් බොරුවට ටීවී චැනල් වල ඇඩ් දාන්න සල්ලි වියදම් කරනවට වඩා මේ වගේ සිම්පල් ප්ලෑන් එකක් අනුගමනය කලා නම් ඉවරනෙ! එක දවසින් රට පුරාම ප්‍රසිද්ධ වෙන්න පුලුවන්. ඊට පස්සෙ තමන් බලාපොරොත්තු වෙන ඕනෙම පාලන ආයතනෙකට ජනතාවගේ ඡන්දයෙන්ම යන්නත් පුලුවන්.  Try කරලා බලන්න. හරිගියොත් අපිටත් කියන්න. වැඩේ වැරදුනොත් එන අතුරු ආබාධ වලට නම් මම වගකියන්නෙ නෑ..!

Tuesday, August 10, 2010

කොට්ටයක වැදගත්කම

හරියට නින්ද නොගිය දවසක අඩනින්දේ හිතට ආව අදහස් ටිකක් තමා මේ ලියන්නෙ. සමහරුන්ට නම් මේක එච්චර වැදගත් මාතෘකාවක් නොවෙන්න පුලුවන්.. ඒත් හිතලා බැලුවමයි තේරෙන්නෙ අඩ නින්දේ හිතට ආව අදහස් වල හරවත් බව..

ලොකු පොඩි, බාල මහලු හැම කෙනෙක් ටම නිදාගන්න කොට්ටයක් අත්‍යාවශය වෙනවා, බුද්ධිමත්, මෝඩ හැම කෙනෙක් ගේම, හොඳ, නරක ඔලු හැම එකක්ම රෑට කොට්ටෙට තමයි බාර. වැරදිලාවත් කොට්ටයක් කතාකලොත් මොනවගේ දේවල් කියයි ද....?  මේ කාලෙ කට්ටියගෙ කාර්යබහුලත්වයෙ හැටියට දවස් දෙකක් විතර නාන්නෙ නැතුව නිදාගන්න අය ඇති නෙ! එහෙම කෙනෙක් නිදාගන්න ගියාම කොට්ටෙ මොනතරම් අපහසුතාවයකට පත්වෙනව ඇතිද..!! පන නැති නිසා හොඳයි. සමහරු හෙයා ජෙල්, හෙයා ඔයිල් වගේ නොයෙකුත් දේවල් ගාලා ඔලුව හෝදන්නෙ නැතුව නිදාගන්නවනෙ! එහෙම වෙලාවක කොට්ටෙට කොහොම දැනෙනවද දන්නෙ නෑ..!

අපේ කට්ටිය කොට්ට පාවිච්චි කරන්නෙ නිදාගන්නම විතරක් නෙමෙයි.. මදුරු දැලක් නැත්තම්, කොනකින් අල්ලා ඇඟ පුරාම ඉන්න මදුරුවො තලන්නත් කොට්ටෙ යොදාගන්නවා (විශේෂයෙන්ම මදුරුවො කාලා නින්දෙන් අහැරුන වෙලා වලට).

‍රෑට ෆෝන් වල එල්ලිලා ගෙදරට හොරෙන් මල් කඩන නංගිලා මල්ලිලාට කොට්ටෙ මොනතරම් වැදගත් වෙනවා ඇත්ද.. කාටවත් ඇහෙන්නෙ නැතිවෙන්න කතාකරන්න කොට්ටෙ ඕනෙ ලු නෙ! එහෙමයි කියලා ඒ කවුරුත් කොට්ටෙට කළගුණ සලකනවද කියලනම් දන්නෙ නෑ.. සතියකට සැරයක් වත් කොට්ට උරේ මාරු කරනවානම ඒවගේ අයගෙ ඇඟට ගුණයි ලු!!

සමහරු තමන්ගෙ දුක කියන්නත් කොට්ට පාවිච්චි කරනවා. සමහර ගෑණු ළමයි විභාග ෆේල් උනාම, තමුන් කැමති කෙනා "සුපර්ස්ටාර්" වටයෙන් කැපුනම..bla bla වගේ අවස්ථා වල කොට්ට බදාගෙන අඬනව කියන්නෙ!! අපි දන්නවයැ ඕවා..! ඒ වගේ අයගෙ කඳුලු ටොන් ගානක් කොට්ට වලට උරාගෙන ඇති නේ!!

එච්චර හිතුවෙ නැති උනාට, කොට්ටේ මිනිස්සුන්ට කොච්චර අත්‍යාවශ්‍ය දෙයක් ද...? කොට්ට නැති ලෝකයක් මොන වගේ වෙයි ද?? අපේ ගැමියො කොට්ටේ වැදගත්කම දැකලද දන්නෙනෑ, කොට්ටෙට ගරු කිරීමක් වශයෙන් අවුරුදු උත්සව වලට "කොට්ට පොර" ක්‍රීඩාවක් විදිහට එකතු කළේ!

*******************************************************

ඊට පස්සෙ නින්ද ගියාද කොහෙද! පාන්දර අවදි වෙනකොට මෙච්චර තමයි මතක තිබුනෙ.

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...