Thursday, February 25, 2010

රූපවාහිනී වැඩසටහන් වල පරිණාමය.... (මට මතක විදිහට)

 මට මතක තියෙන ඉතිහාසේ හැටියට නම් මුලින්ම මගේ හිත ගියේ ජාතික රූපවාහිනියෙ විකාශය වුන නරියගෙයි හාවගෙයි කාටූන් එකට. දෙබස් නැති වුනාට සෑහෙන්න විනෝදයක් ඒකෙ තිබුනා. ඊට පස්සෙ තමයි හා හා හරි හාවා, දොස්තර හොඳහිත වගේ කාටූන් රූපවාහිනියට ආවෙ. ඒ කාලෙ නම්, මතකයේ හැටියට ජාතික රූපවාහිනියයි ITN එකයි විතරයි තිබුනෙ. ඒ දෙකෙනුත් ජාතික රූපවාහිනියෙ වැඩසටහන් තමයි අපි වැඩියෙන්ම බැලුවෙ. අද කාලෙ කාටූන් වලට වඩා ඒ කාලෙ කාටූන් හරවත්. හැම එකකම මොකක්හරි ආදර්ශයක්  තිබුනා... ඒත් දැන් නම් කාටූන් වල ආදිපත්‍ය සිරසට ගිහින් වගේ! අද කාලෙ පොඩි එවුන් වැඩියෙන්ම ආස සිරසෙ සොනික්, ස්කූබි ඩූ, සූර පප්පා, අපි රජ ඉබ්බෝ වගේ කාටූන් වලට. ඒවයෙ ගුණාත්මක බව කෙසේ වෙතත් විනෝදය නම් උපරිමයෙන් තියෙන බව පේනවා.

 
වාර්තාමය වැඩසටහන් ගැන කතාකලොත් ඒ කාලෙ අපි වැඩියෙන්ම  බැලුවෙ හේම නලින්ගේ නමයයි පහ(ඒ කාලෙ කිව්වෙ මම දෙක වසරෙදි විතර). මට මතක විදිහට ඒක විකාශය වුනේ ඉරිදා ‍රැ 9.05ට. ගෙදර මොන වැඩ තිබුනත් පවුලෙ හැමෝම ඒක බලන්න නම් අමතක කළේ නෑ. තවත් වාර්තා වැඩසටහනක් තිබුනා "කදමල්ල" කියලා අරුණ් ඩයස් බණ්ඩාරනායක ඉදිරිපත් කරපු. මේ දෙකේ සමානකම් තිබුනත් හේම නලින් ගෙයි අරුණ් ඩයස්ගෙයි ඉදිරිපත් කිරීමේ ශෛලියන් වෙනස් නිසා ඒ දෙකට අපි වෙන්වෙන්ව ඇලුම් කලා. මේ දේකේම අඩුව පුරවන්න අද තියෙන්නෙ දඩිබිඩිස්ගේ ටෙලි කොළම "අටපට්ටම" තමයි... දොරමඩලාව, මහා සිංහළේ වංශකථාව වගේ වැදගත් වැඩසටහන් තිබුනත් ඒවා විකාශය වෙන්නෙ රෑ දහයත් පහු වෙලානෙ.. ඒ නිසා ගොඩාක් වෙලාවට බලන්න බැරි වෙනවා.


ටෙලිනාට්‍ය ගත්තොත්  අදත් මම වැඩියෙන්ම කැමති නාට්‍ය ITN එකේ "කෝපි කඩේ". බොහෝම රසවත් ඒ වගේම හරවත් නාට්‍යක්. මතක විදිහට මේකට ගහන්න නම් වෙන එකක් තිබුනෙ නැති තරම්. ඳඬුබස්නාමානය වගේ නාට්‍ය ගෙදර අය බැලුවට මම නම් ඒ කාලෙ ඒවට වැඩිය ආස නෑ. හඬකවපු විදේශීය නාට්‍යක් විදිහට තිබුනෙ ජාතික රූපවාහිණියෙ ඔෂීන් තමයි. ඒත් දැන් නම් ඉතින් ඔය සිරසෙ, ස්වර්ණවාහිනියෙ හඬ කවපුවා ඕනතරම් තියෙන්නේ!! ප්‍රශ්නෙ තියෙන්නෙ ඒවා හෙදර හැමෝටම ඒකට ඉඳන් බලන්න පුලුවන්ද කියන එක... අද වගේ දවස ගානෙ විකාශය වෙන මෙගා නාට්‍ය ඒ දවස් වල තිබුන වගක් නම් මතක නෑ.

ඒ කාලෙ ප්‍රවුර්ති ගැන නම් වැඩි යමක් කියන්න මම දන්නෙ නෑ මොකද ඒ කාලෙ අපිට නිවුස් එච්චර වැදගත් නෑ නෙ...! ඒත් අද ඒ ගැන කතා කලොත් කියන්න තියෙන්නෙ ස්වර්ණවාහිනියෙ "ලයිව් ඇට් එයිට්" සහ දෙරණේ "අද දෙරණ" අනිත් ඒවට වඩා ඉදිරියෙන් ඉන්නවා කියන එක. ඒත් වැඩියෙන්ම ක්‍රියාකාරී ප්‍රවුර්ති විකාශය තියෙන්නෙ සිරසට. සිරසෙ "නිවුස් ෆස්ට්" වගේම සෑම රාජ්‍ය නාළිකාවකම ප්‍රවුර්ති විකාශ වල දැඩි අසමතුලිත බවක් දකින්න තියෙනවා.

සංශිප්තයක් විදිහට ගත්තාම පොදුවේ වැඩිපුරම හරවත් වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙන්නේ රාජ්‍ය නාලිකා කියලා කියන්න පුලුවන්.  එහෙම කියන්නෙ ඒවා ගොඩක් පරණ නාළිකා නිසා නෙමෙයි, ඒවයෙ විකාශය කළ වැඩසටහන් වල ගුණාත්මක බව නිසා. සිරසෙ කාලෙකට ඉස්සෙල්ලා විකාශය වුන "අපි නොදන්න ලයිව්" එතරම් හරයක් නැති වුනත් බොහෝ දෙනෙක්ගේ හිත් දිනාගත්ත වැඩසටහනක්. අද කාලයේ trend එකට ගැළපෙන වැඩසටහනක් කියන්න පුලුවන්. නමුත් සමහර පෞද්ගලික නාළිකා වල ටෙළි නාට්‍ය ගැන නම් සෑහීමකට පත්වෙන්න බෑ. මොකද කිව්වොත් ඒවයෙ තියෙන සමහර දේවල් සමාජයට කෙලින්ම බලපෑම් ඇති කරන නිසා.

දැන් නම් ඉතින් එක වැඩසටහනක් එපා වුනාම චැනල් එක මාරු කරලා වෙන එකක් බලන්න පුලුවන් තරම් චැනල් සෑහෙන්න තියෙනවනේ. නමුත් මම නම් තාමත් ආස අදට වඩා ඉස්සර විකාශය වුන වැඩසටහන් වලට. ඒත් ඉතින් කාලේ වෙනස් නෙ!. ඉස්සරහට තව මොනවගේ වෙනස්කම් වෙයිද දන්නෙ නෑ.. මම නම් කියන්නෙ රටට ගැළපෙන විදිහෙ වැඩසටහන් තවමත් හරියට නෑ කියලා. බලමුකෝ තව ටික කාලෙකින් අපේ නාලිකා මොනවගේ වෙනස්කම් වලට ලක්වෙයිද කියලා....

16 comments:

  1. අනේ ඔයා සුදු පුංචා අමතක කරලා ... එක මරු මපට් ෂෝ එක ..

    අයියෝ යෝ යෝ .... [නරියා කතාව එලම තමයි]

    ReplyDelete
  2. ඇත්තමයි මීට අවුරුදු 15 විතර ‍ඉස්සර අපේ ළමා කාලය තුළ විකාශය වූ රූපවාහීනී වැඩසටහන් ඉතා ප්‍රශස්ථ මට්ටමක තිබුණා. දැන් ඒවා මතක් වෙන කොට හරිම සාංකාවක් දැනෙනවා. මට නම් TV බලන එක එපා වෙලා තියෙන්නේ. ඉතා ම කළාතුරකින් තමා වැදගත් යමක් තියෙන්නේ.

    ReplyDelete
  3. ඔය ටික හොඳා තමා.ඒත් සහෝ ඔය හරවත් කියන දේ අනුව අද නාලිකා මනින්න බෑ.ඒක මනින්න වෙන්නේ ප්‍රසිද්ධ අනුව.මමත් කලින් දවසක් ලිව්වා.
    මට මේක කියෙව්වම හිතුනේ ඒකට ඇනෝනිමස් කමෙන්ට් එකක් දැම්මේ උඹවත්දෝ කියලා.හිහ්හී.
    http://muchalindha.blogspot.com/2009/08/blog-post_29.html

    ReplyDelete
  4. ඔය මොක උනත් ඉස්සර ගිය කාටූන්වලට මම කැමති නෑ මොකද ඒවයේ හෑමදාම කෙනෙකුට සිදුවෙන්නෙ අසාධාරණයක්.....

    ReplyDelete
  5. එත් දෑන් කොපිකඩෙත් යොදාගන්නෙ දේශපලන ප්‍රචරන වලට නේද ඉස්සර නන සමාජයට වෑදගත් පනිවිඩයක් දුන්නා එත් දෑන් නන් එතනත් දේශපලනේ
    එ කාලේ ටයි මමාගෙ හඩකෑවීම් නන් මරු

    ReplyDelete
  6. අතීතයට එක්කාන ගියාට ස්තුතියි මල්ලී. ඔයාට ගලිවර් අමතක උනානේ!!!

    ReplyDelete
  7. Thawa Swarnawahiniye Rajathumagei Purohithagei Kathawa...

    ReplyDelete
  8. මේක ලියද්දි මට මගහැරුනු තවත් හොඳ වැඩසටහන් ගොඩක් ඇති.. ඒ හැම එකක් ගැනම එක බ්ලොග් එකකින් ලියන්න බෑ නෙ! සමාවෙන්ඩ ඕනෙ...

    ReplyDelete
  9. ඇයි? රොබින්සන් අන්දරේ! කවදාවත් එපා වෙන්නේ නෑ. ජාතික රූපවාහිනිය මේ කතාව නැවත් නැවත 5පාරකට වඩා දාලා ඇති. එෟ වුණත් බලන්න ආසයි

    ReplyDelete
  10. ඔය කියපු ඔක්කොම වගේ අපි බැලුවා, ඒ කාලෙ අපි පොඩියි, බලන්න නුසුදුසුයි කියල මොකුත් තිබුණෙ නැහැ. හැම දෙයින්ම ඉගෙනගන්නතු දේවල් තිබුණා.
    ඒත් අද පොඩි අයට කියල රූපවාහිනියෙ තියෙන වැඩසටහන්වලින් හරයක් තියෙන ඒව බොහොම අඩුයි. පාට පාට බොළඳ වැඩසටහන් බලන අපේ අනාගත පරම්පරාව ඉස්සරහට කොහොම වෙයිද කියල කියන්න අමාරුයි.

    ReplyDelete
  11. අඩේ, මටත් හොඳට මතකයි ගෙදර කස්ටියම සෙට් වෙලා 9.05 නොවරදවාම බලපු හැටි :)

    උඹට මතකද ඉස්සර ගියා Beyond 2000 කියලා කඩ්ඩ වැඩසටහනක්?? අළුත් ගැජමැටික්ස් ගැන පෙන්නපු මැස්සා වැඩසටහනක් ඒක. ඉස්සර පංති ඇරලා මම දුවගෙන ගෙදර එන්නේ ඒක බලන්න ;)

    ReplyDelete
  12. එහෙම එකක් නම් හරියට මතක නෑ...! සිරසෙ "ගැජමැටික්ස්" නම් බැලුවා. ඒකත් maxaaa....

    ReplyDelete
  13. රොබින්හුඩ්, මායා බන්ධන, මකර රජදහන
    ඒවා තමයි මම ආසාවෙන්ම බලපුවා.

    ReplyDelete
  14. Ane pls mata danna kenek kiyanna robinsan andaraya giya kalema wage hawasa 6.ta hari 6.30ta hari baloon ekakakin dupathakata wage yana abirahas kathawak thibuna. Eke nama danna kenek kiyanna

    ReplyDelete
  15. Ane pls mata danna kenek kiyanna robinsan andaraya giya kalema wage hawasa 6.ta hari 6.30ta hari baloon ekakakin dupathakata wage yana abirahas kathawak thibuna. Eke nama danna kenek kiyanna

    ReplyDelete

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...