Sunday, February 28, 2010

A-9 පාර දිගේ යාපනයට ගියෙමි...

මේක ටිකක් පරන කතාවක්. හරියටම කිව්වොත් 2009 දෙසැම්බර් වලදි අපේ බාලදක්ෂ කණ්ඩායමේ යාපනේ සංචාරය ගැනයි මේ ලියන්න යන්නේ. කතාව පරන උනාට අත්දැකීම හරිම රසවත්. ඒ නිසයි ලියන්න හිතුවෙ.
මේ ගමන ගිය කාලෙ, ඒ කියන්නෙ 2009 දෙසැම්බ්ර් 16-20 වෙනකොට A9 පාර සාමාන්‍ය මගීන්ට විවුර්ත කරල තිබුනෙ නෑ. ඒකෙ යනවනම් ආරක්ෂක අමාත්‍යාංශෙන් විශේෂයෙන් අවසර ගන්න ඕන. මේක යාපනේ සහෝදර බාලදක්ෂයන්ගෙන් අපිට (ඒ කියන්න නාලන්දෙ ස්කවුට්ස්ලට) ලැබුනු ආරාධනයක් නිසා අපට අවසර ගන්න ඒ තරම් අමාරු වුනේ නැතිලු.

කාලය වේගයෙන් ගතවෙද්දි මාස ගානක් බලාගෙන හිටිය 2009.12.16 වෙනිදා උදාවුනා. ඔන්න ඉතින් නාලන්දෙ බාලදක්ෂයො ටික යාපනේ යන්න කියලා පාන්දරින්ම ඉස්කෝලෙන් පිටත් වුනා, පළවෙනි දවසෙ අපේ ගමනාන්තය වුනේ අනුරාධපුර කැලැත්තෑව යුධ හමුදා කඳවුර. A9 පාරේ තත්වයත් ගමනේ දුරත් නිසා කොළඹ ඉඳලා යාපනයට එක දවසෙන් යන්න අමාරුයි. ඒ නිසා තමයි පළවෙනි දවසෙ අනුරාධපුරේ නැවතිලා ඊට පස්සෙ දවසෙ යාපනේට යන්න සැලසුම් කරලා තිබුනේ.

ඔය යන අතරමග කට්ටිය සිංදු කිව්වෙ, කාඩ් ගැහුවෙ එහෙම නෑ ඉතින්... (ගමන අතරමගත් හරි හරි දේවල් වුනා!! ඒවා මාතෘකාවට අදාළ නැති නිසා වැඩිය විස්තර කරන්න බලාපොරොත්තුවක් නෑ) කොහෙන් කොහොම හරි හවස 3.00 විතර වෙනකොට එතෙන්ට යන්න අපිට හැකි වුනා. ඒ වෙනකොට ටිකක් විතර පොද වැස්ස. අපි කවුරුත් බලාපොරොත්තු නොවුන පුංචි පිළිගැනීමේ උත්සවයක් කැලැත්තෑව යුධ හමුදා කඳවුරේ සංවිධානය කරලා තිබුනා. මුලින්ම කඳවුරේ අණදෙන නිළධාරී තුමා අපව ඇමතුවා. එතකොට තමයි දැනගන්න ලැබුනේ එතුමත් ජනාධිපති බාලදක්ෂයෙක් බව. තමන්ගේ පාසල් කාලෙ බාලදක්ෂයෙක් විදිහට ලබපු අත්දැකීම් ගැනත් යුධ හමුදාවෙදි ඒ අත්දකීම් ප්‍රයොජනවත් වුන විදිහ ගැනත් මතක් කරලා මේ හමුදා කඳවුර ගැන පොඩි විස්තරයකුත් එතුමා කළා.. මේ අතරේ අපිට පොඩි සංග්‍රහයකුත් ලැබුනා.


ඊට පස්සෙ අපිට අවස්ථාව ලැබුනා මේ රෙජිමේන්තුවට අයිති සන්නද්ධ රථ (යුධ ටැන්කි) බලන්න යන්න. කඳවුරේ වුනාට ඒකට ටිකක් දුර බස් එකෙන් යන්න වුනා. නිකන් වාහන නෙමෙයිනෙ, සන්නද්ධ රථ. ඒ නිසා දැඩි ආරක්ශාවක් ඒ අවට ප්‍රදේශයට දීල තිබුනා. මුලින්ම T55 වර්ගයේ යුධ ටැංකියක් ගැන විස්තර දැනගන්න ලැබුනා. ඊට පස්සෙ සාමන්‍ය යුධ ටැන්කි ගැන.. සන්නද්ධ රථයක් පදවන්නෙ කොහොමද, නඩත්තු කරන විදිහ, අවි පාවිච්චි කරන හැටි, වෙඩි බලය ගැන මෙතනදි දැනගන්න ලබුනා. පස්සෙ T55 යුද ටෑංකියකට නගින්නත් ලැබුනා... මේක හසුරුවන්න තියෙන අමාරුව එතකොට තමා දැක්කේ.


මේ තියෙන්නෙ T55 ටැංකියෙ රියදුරු ආසනේ. මේක හරියට බැරල් එකක් ඇතුලෙ ඉඳලා drive කරනවා වගේ. පහුගිය යුද්ධ කාලෙ අපේ රණවිරුවෝ කොච්චර කට්ටක් කෑවද කියලා ඒකෙන්ම තේරෙනවා.. මමත් ඇතුලට බැහැලා බැලුවා.... ඇතුලෙ හෙලවෙන්නවත් ඉඩක් නැ. හිරවෙන්නෙ නැතුව එලියට ආවෙ බොහොම අමාරුවෙන්.


මේ T55ක ප්‍රධාන අවිකරු ගේ කුටිය.(සිංහළ වචනෙ හරිද දන්නෙ නෑ!) මේකත් අර වගේම තමයි. මේ වගේ ටැංකියක් මෙහෙයුමකට යනකොට තුන් දෙනෙක් යනවලු, තුන් වෙනි කෙනා මේකෙ වම් පැත්තෙ තියෙනෙ ගුවන් නාශක අවිය භාරව කටයුතු කරනවලු. යුධටැංකි වලට සම්බන්ධ කරන අවි ගැනත් මේ අතරේ දැනගන්න ලැබුනා.
මේ වගේ අත්දැකීම් ඉතින් කවදා ලබන්නද.. මේ සඳහා අපට උදව් කළ යුධ හමුදාවෙ සෑම අයෙක්ටම ස්තූතිවන්ත වෙන්න ඕන.

සන්නද්ධ රථ බැලුවට පස්සෙ හමුදා සෙබලුන්ගෙ අදීක්ශනය යටතේ පුරෝගාමි වැඩ ටිකක් ඉගෙනගන්න ලැබුනා. කඳවුරේ පිට්ටනිය වටේ වට දෙකක් විතර දුවලා කඹයක් දිගේ හරහට ගිහින් physical පොඩ්ඩක් හදාගන්න මටත් පුලුවන් වුනා. කොහොම නමුත් කඹයක් දිගෙ හරහට ගමන් කරන නිවැරදි, ලේසිම ක්‍රමය මෙතනදි තමයි ඉගෙන ගත්තේ. අපේ වචන වලින් "පුරෝගාමී වැඩ" කියල හදුන්වන මේවගේ වැඩ වලට හමුදාවෙදි "බාධක තරනය" කියලා ලු කියන්නෙ.! ඒ training session එක ඉවර වුනේ හවස 6.30ට විතර, ඒ වෙනකොට වටින් ගොඩින් අඳුරත් වැටිලා. ඊට පස්සෙ කට්ටිය නාලා එහෙම ‍රැ අපේ සුපුරුදු කඳවුරු ගිනිමැළයට ලෑස්ති වුනා. (අපේ ගිණිමැළ ගැන මම මීට ඉස්සෙල්ලා ලිපියක් ලිව්වා. ඒ නිසා මෙතැනදි වැඩිය ඒ ගැන කියන්නෙ නෑ) හැබැයි මේක ටිකක් වෙනස්. මෙතැනදි අපිට දැනගන්න ලැබුනා හමුදාවෙ ගිණිමැළ සම්ප්‍රධාය ගැන. ඒක අපිට වඩා ටිකක් වෙනස්. ගිණිමැළයත් හරිම විනොදජනක විදිහට ඉවර කළා. පස්සෙ ගිණිමැළ භූමියෙදිම රාත්‍රී ආහාරය ගන්නත් ලැබුනා.

එදා රෑ අපිට නිදාගන්න ලැබුනෙ පුහුණුවන කෙඩෙට් නිළදාරීන් වෙනුවෙන් හදලා තිබුන සයනාගාරයක. ගමනේ මහන්සිය නිසා කට්ටිය හොඳටම හෙම්බත් වෙලා හිටියෙ. ඒ නිසා ඉක්මනටම හෙට අවශ්‍ය වෙන සපත්තු එහෙම පොලිෂ් කරගෙන මීට ඉස්සෙල්ලා කවදාවත් අඩිය තියලා නැති යාපනේට වෙනකම් යන ගමන ගැන හීන දැක දැක නින්දට ගියා.

P.S -ගමනේ දෙවෙනි දවසෙ තිබුනෙ අනුරාධපුරේ ඉඳලා යාපනයට යන්න.. ඒ කියන්නෙ මේ කතාවෙ හොඳම හරිය. ඒ ගැන මගේ මීලඟ ලිපියෙන් කියන්නම්. ඒක මේ සතිය අන්තිමට(දවස් 7ක් ඇතුලත) දාන්න බලාපොරොත්තු වෙනවා. එතකන් ටිකක් ඉවසන්න වෙයි..!! 

8 comments:

  1. Niyami machan, a wonderful journey i think. dude u have the ability to write very well men, even now i'm also very curious to know what happen
    next!. don't stop, write much as blogs u can.................

    ReplyDelete
  2. මුලින්ම කඳවුරේ අණදෙන නිළධාරී තුමා අපව ඇමතුවා. එතකොට තමයි දැනගන්න ලැබුනේ එතුමත් ජනාධිපති බාලදක්ෂයෙක් බව.

    Was it Kamal Gunaratne? Yes, he was a President's scout. He trained me way back in 1979 when I started doing scouting at Ananda.

    Chanuka Wattegama

    ReplyDelete
  3. 2 Imal - බොහොම ස්තුතියි..

    2 Chanuka - No friend, He is not Kamal Gunarathna. Cant remember his name exactly... BTW glad 2 meet you here.

    ReplyDelete
  4. නියම ගමනක්නේ මචං

    ReplyDelete
  5. නැතුව නැතුව..!! මේකෙ හොඳම හරිය තියෙන්නෙ දෙවෙනි දවසේ.

    ReplyDelete
  6. මැස්සා කතාව ආ, මාර ෆන් ගමනක් වගේ :)

    ReplyDelete
  7. නාලන්දාවේ බාලදක්‍ෂයින් යාපනයට දෙවතාවක් ගියා.මේ කියන ගමන මුල් ගමනද නැතිනම් දෙවන එකද?මුල් ගමනේ කන්ඩායම භාරව මමත් රනිල් ගුණසේකර සර්ත් ගියා.ඊට එවක නාලන්දාවේ හිටපු විදුහල්පති තුමා වන හේමන්ත ප්‍රේමතිලක සර් සහභාගිඋනා.ඒ ගමනේදී අපි කැලෙත්තෑව කඳවුරේදී උදේ ආහාරය ගත් නමුදූ නවාතැන ගත්තේ නැහැ.අපි එදිනම යාපනයට ගියා.එවකට යාපනය හමුදා ආඥාපතිව හිටියේ 222 බලසේනාපති කර්නල් මිලින්ද පීරිස් මහතාය.අපි යාපනයේදී නවාතැන් ගත්තේ යාපනය මද්‍යමහා විදුහලේ.එවකට එම විදුහලේ විදුහල්පතිව සිටි තයගරාජා මහතා LTTE විසින් ඝාතනය කරනු ලැබුවා.මා සතුව එම ගමනේදී ගත් ජයාරූප තියෙනවා.මෙම යාපන මුල් ගමනේ බාලදක්‍ෂ කණ්ඩායම් නායකයාව සිටියේ දැනට එංගලන්තයේ වෙසෙන රොෂාන් සමන්ත.ඔහු සතුවද බොහෝ ජයාරූප තියෙනවා.

    ReplyDelete
  8. Ok Proceed :) But latter parts were not published.

    ReplyDelete

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...