Monday, June 7, 2010

අපි නොදන්න "IIFA"

ජාත්‍යන්තර ඉන්දියානු චිත්‍රපට ඇකඩමියේ සම්මාන ප්‍රදාන උත්සවය, අපි දන්න විදිහට IIFA පහුගිය සෙනසුරාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අති උත්කර්ශවත් අන්දමින් පැවත්වුනා කියන්නෙ! හබැයි මෙක ලියන වේලාව වෙනකොටත් ඒකෙ හොඳක් කියන අය හම්බවුනේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. ඇත්තටම IIFA නිසා රටට පාඩුවක් වුනා ද? නැත්තම් ඔය සමහර අය කියනවා වගේ "නංගි පෙන්නලා අක්ක දුන්නා" වගේ වැඩක් ද කළේ? එක එක අය එක එක දේවල් තමා කියන්නෙ!

මේ අතරේ සමහර අයට IIFA බලන්න ටිකට් එකක් ගන්න සල්ලි නැතුව සංවිධායකයින්ට අම්බානට බැනලා මූනු පොතේ කමෙන්ට් එහෙම දාල තිබුනා දකින්න ඇතිනේ, ලංකාව දුප්පත් රටක් ලු, ඒ නිසා ලොකු ගනන් වලට ටිකට් අරගෙන IIFA බලන අය රටට කරන්නෙ ද්‍රොහී කමක් ලු!! IIFA බලන්නෙ නැතුව ඒ ටිකට් වලට වියදම් කරන සල්ලි දුප්පත් මිනිස්සුන්ට දෙන්නලු!(කරන්න පුලුවන්නම් ඇත්තටම හොඳයි). මේ ගැන මගේ අදහස නම් මීට වඩා වෙනස්. විනෝද වෙන්න ඕනෙ නම්, වියදම් කරන්න සල්ලිත් තියෙනවානම් ඕන කෙනෙක් ඕන විදිහකට IIFA බලපුදෙන්. අපිට පාන් යැ...!!! සමාජ විරෝධී වැඩ කරන්නෙ නැතුව වැඩිපුර තියෙන සල්ලි වලින් IIFA වගේ දෙයක් බලන එකේ වැ‍රැද්දක් නම් මට පේන්නෙ නෑ. ඒත් වියදම් කරන මුදල නම් අපරාදෙ තමා. රුපියල් ශත නෙමේ නෙ, ලක්ෂ ගනන්.

පාරෙ යනකොට වැරදීමකින් කවුරුහරි ඇඟේ හැප්පුනත් ඒක දේශපාලනීකරනය වෙන ලංකාවෙ IIFA දේශපාලනීකරනය නොවී තියෙයි ද!! ඔය ටීවී වලින් දැක්කෙ, ශාරුක් ඛාන් ලා, අභිතාබ් බච්චන් ලා ආවේ නැති එකේ දුකට කට්ටිය මාධ්‍යය සාකච්ඡා තියලා දුක කියනවා..! අනේ ඉතින්  උන්ට එන්න බැරි එකටත් ආණ්ඩුවනේ වගකියන්න ඕනෙ!! IIFA ලංකාවෙ පැවැත්වීම ගැන ප්‍රශ්න නැතුවාම නෙමෙයි, නමුත් මේවගෙ පුංචි දේවල් වලටත් ආණ්ඩුවට වැ‍රැදි කියන එක නම් හොඳ නෑ. කවුරු නාවත් මේකෙන් රටට හොඳක් වෙනවානම් එච්චරයි, පහුගිය කාලෙ තිබුන තත්වෙ හැටියට මේ නිසා ලංකාව සංචාරයට සුදුසු තැනක් කියලා සහතිකයක් ලැබිලා තියෙනවා... ඒ වගේම ලංකාව ආරක්ශිත රටක් කියලාත් මේ ලෝකයට පෙන්නන පුලුවන් වුනා.

වැරදි තියෙන්න ඇති, මහා යුද්ධයක් දිනුව රටක් හැටියට ලංකාවෙ කිසිම අනතුරක් නැතිව මේ වගේ විදේශීය සම්මාන උත්සවයක් පැවැත්වීම ගැන නම් ඇත්තටම සතු‍ටු වෙන්න ඕන. රටට, රටේ අනාගතයට හොඳක් වෙනවනම් ශාරුක් ඛාන් ලා, අබිතාබ් බච්චන් ලා විතරක් නෙමෙයි වෙන මොකා ආවෙ නැතත් කමක් නැ.... වැඩේ හොඳට, හරියට වුනානම් එච්චරයි.

11 comments:

  1. koheda oya BCs karanne.

    ReplyDelete
  2. oya mona campus ekeda

    ReplyDelete
  3. I'm not in a government uni. Can u tell me your name??

    ReplyDelete
  4. ratata hodak wenawa kiyanne ape salli nikan wiyadam karana ekada ratata wadak athi dekata nam kamak na expences 700 gain 400 whats da nonsence here you dnt see da difference what they have done.. they spent our researves more than they earned...

    ReplyDelete
  5. agree wid ya ayya.. @ least 4m IIFA da world got an dea.., dere z country called SL +datz gud 4 tourizm..!!!
    tho huever came o huever ddnt t ws hld succesfully..! @ leat 2 sum extenet.

    -D-

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. පළමු කාරණය ලංකාවේ "IIFA" පැවැත්වීමට මා විරැද්ධ නැත. නමුත් ගැටළුව වූයේ "IIFA" විකුණාගෙන බොරැ කියන්නට පටන් ගැනීමය. ඇත්තටම "IIFA" සිනමා උළෙලේ ප්‍රධාන පරමාර්ථය හින්දි සිනමාව වෙනත් රටවල ප්‍රසිද්ධ කිරීමය. මෙම සිනමා උළෙල වෙනත් රටක පවත්වන්නේද එහෙයිනි. "IIFA" වලින් ඔය කියන්නාවූ ප්‍රතිලාභ සහිත නම් එය ඉන්දියාවේම පවතවන්නේ නැත්තෙ ඇයි. එය ඉන්දියාවට වාසියක් නොවේද? නැත්නම් ඉන්දියාව එම වාසිය හිතාමතාම අපට දෙනවාද?

    සල්ලි තියෙන එවන් "IIFA" බැලුවාට අපට අමාරැවක් නැත. අපට අමාරැ "අපව අන්දවන්නට" යාමය.

    "IIFA" වලින් අන්තිමට වූයේ "සල්ලිත් නෑ සනීපත් නෑ" වගේ වැඩක්ය.

    ReplyDelete
  8. Katawe attakuth thiyanawa!!
    Bt IIFA nisa ratata honda ha naraka 2 ma una.... Oya rupawahini 1y ITN 1y kayya gahuwata!

    ReplyDelete
  9. ආර්ථිකමය වශයෙන් නම් IIFA මගින් වුන සෙතක් නැති බව පිලිගන්න පුලුවන්. ඒත් IIFA නිසා ලංකාව ගැන සමහර රටවල් දරපු වැරදි ආකල්ප වෙනස් වුනා, බ්‍රිතාන්‍යයෙන් ලංකාවෙ සංචාරයකිරීමට පනවලා තිබුන තහනම පවා ඉවත් කරලා... ඒ නිසා IIFA දිගුකාලීන ආයෝජනයක් කියන්න පුලුවන්.

    හින්දි සිනමාව ලංකාවෙ ප්‍රසිද්ධ කිරීම ගැන නම් මගේ කිසිම කැමැත්තක් නෑ. ඒත් අපේම කියන සමහර රූපවාහිනී නාලිකා වලින් හින්දි සිනමාව, ඉන්දීය ටෙලි නාට්‍ය ප්‍රචාරය කරන විදිහට IIFA එච්චර ලොකු හානියක් කළා කියන්නත් බෑ.

    ITN, රූපවාහිනී, සිරස ගැන මම දරන්නෙත් ඔය හැමෝම දරන ආකල්පය ම තමා. බොරුවට කෑගහනවා විතරයි.

    IIFA වල හොඳ නරක දෙකම තියෙනවා. මම හොඳ කියලා දකින දේවල් තවත් කෙනෙකුට නරක වෙන්න පුලුවන්. කොහොම උනත් රටට හොඳක් වෙනවානම් එච්චරයි.

    ReplyDelete
  10. රටට මොකුත් හම්බ උනේ නෑ කියන්න බෑ. සූගතදාස ක්‍රිඩාංගණය ජාත්යන්තර මට්ටමේ ඉසවු පවත්වන්න පුලුවන් විදිහට සංවර්දනය උනා. ආරක්ශාව අතිනුත් කිසි අවුලක් උනේ නෑ.

    ReplyDelete
  11. "ඒත් IIFA නිසා ලංකාව ගැන සමහර රටවල් දරපු වැරදි ආකල්ප වෙනස් වුනා, බ්‍රිතාන්‍යයෙන් ලංකාවෙ සංචාරයකිරීමට පනවලා තිබුන තහනම පවා ඉවත් කරලා... ඒ නිසා IIFA දිගුකාලීන ආයෝජනයක් කියන්න පුලුවන්."

    මචෝ, මේකත් හිතපන්. ඔය ලොකු ලොකු නළුවෝ එනවා එනවා කියලා අන්තිමට එන්නේ නැතුව හිටියා. ඒකේ පැහැදිලිවම වාසිය අත් උනේ දෙමළ ඩයස්පෝරාවටයි. මොකද උන්ට කියන්න පුළුවන් නළුවෝ ලංකාවට නාවේ ලංකාවේ තත්වේ හොඳ නැති නිසා කියලා. දැනටමත් උන් එහෙම කියනවා.

    අන්තිමට උනේ ජාත්‍යන්තරය ඉස්සරහා අපිව බයිට් උන එක විතරයි. මොකද, මහ ලොකුවට නම් කියපු නළුවෝ එකෙක්වත් නාපු නිසා අපේ IIFA එක කියපු තරම්ම සාර්ථක උනේ නෑ.


    -----සෝමේ------

    ReplyDelete

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...