Saturday, October 1, 2011

මූණු පොතේ ජාල ගොවිපල සහ කන්තෝරුව | Facebook Server Farm and Office

හැමදාම මූණු පොත පාවිච්චි කරන අය ගෙන් කීයෙන් කී දෙනා ද දන්නෙ අපේ දත්ත තියෙන්නෙ මේවගේ තැනක බව..? පහලින් තියෙන්නෙ පහුගිය දවසක e mail එකකින් ලැබුන Facebook server farm එකේ පින්තූර වගයක්.



මගේ Profile data තියෙන්නෙ මේ cell එකේ වෙන්න ඇති..




පැටලුනොත් කොහොමද දන්නේනෑ ලිහාගන්නෙ..

  •  අපි දන්න facebook wall එකේ ඇත්ත එක...
මේක හරියට බාලිකා පාසලක තාප්පයක් වගේ නේද.. :D

  •  ඇතුලෙ කට්ටිය වැඩකරන්නෙ මේ වගේ වටපිටාවක ලු!



ඕනෙ වෙලාවක සින්දුවක් කියලා පොඩි fun එකක් ගන්නත් පුලුවන්

මේවනම් හොරෙන් ඇතුලට ගෙනියපු ඒවා වෙන්න ඇති :D
  •  Facebook නිශ්පාදන


  • මේ තියෙන්නෙ Mark අයියගෙ room එක ලු

 facebook වල ඉන්දියාවෙ සහ චීනෙ ශාඛා වල පිංතූරත් මේවත් එක්ක තිබුනා, ඒවා මීලඟ ලිපියෙන් පෙන්වන්නම්. බැලුවා නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

Sunday, May 29, 2011

පරන්තන් සිට සුන්දර මුලතිවු නගරයට ගියෙමි

මීට ටික දවසකට ඉස්සෙල්ලා මුලතිවු, පුදුකුඩුඉරිප්පු පැත්තෙ චාරිකාවක් යන්න කණා චාන්ස් එකක් සෙට් වුනා, ඒ ගමනේ අත්දැකීම් අනුවයි මේ ලිපිය ලියන්නෙ,

ගමන පටන්ගත්තෙ පහුගිය 12 වෙනිදා පාන්දර 5ට විතර, දීර්ග ගමනකට පස්සෙ දවල් 10 විතර වෙනකොට ඕමන්තේ යුද හමුදා මුරපොලට යන්න පුලුවන් උනා, එතනින් ලියාපදින්චි වෙලා මාන්කුලම්, කොකාවිල්, ඉරනමඩු පහුකරලා දවල් 11.30 විතර වෙනකොට කිලිනොච්චියට යන්න පුලුවන් උනා. 2009 දෙසැම්බර් වල යාපනේ යද්දි තිබුන කිලිනොච්චි නගරය මේ වෙනකොට සැහෙන්න දියුනු වෙලා, ලොකු වෙනසක් දකින්න තිබුනා.

කිලිනොච්චියෙ ඉඳලා කිලෝමීටර් 11ක් විතර ගමන්කළාම පරන්තන් නගරයට යන්න පුලුවන්, ඒ වෙනකල් A9 පාරෙ ගමන්කල අපි, පරන්තන් වලින් දකුණට හැරිලා A35 පාරෙ යන්න වුනා... A35 පරන්තන්-මුලතිවු ප්‍රදාන පාරක් උනාට තාම තාර දාලා නෑ. යුද්දයෙන් පස්සෙ මේ පාර දෙපැත්තෙ ප්‍රදේශ වල ජනතාව පදින්චි කරලා තවමත් මාස 4ක් විතර නිසා මේ ප්‍රදේශ තවමත් සම්පූර්ණයෙන්ම යථාතත්වයට පත්වෙලා නෑ.

තාර නැති A32 පරන්තන් මුලතිවු මාර්ගය..
ටිකෙන් ටික මිනිස්සු ඉන්න ප්‍රදේශ පහුකරලා තවමත් හරියට බිම්බෝම්බ ඉවත්කරලා නැති යුදහමුදාව පාලනය කරන ප්‍රදේශ හරහා ඉදිරියට ගියා, එක්තරා යුදහමුදා මුරපොලකදී (තැන කොහෙද කියලා මතක නෑ) අපෙ අවසර පත්‍ර පරික්ශා කරලා ඉදිරියට යන්න වුනා, මෙතැනින් එහාට හමුදාව යටතේ පවතින නගර වලට යන්න ජාතික ආරක්ශක අමාත්‍යාංශෙන් අවසර අරන් තියෙන්න ඕනෙ. යුද්දයේ අන්තිම දවස් වල LTTEයෙන් කට්ටපරිච්චාන් වැව් බැම්ම පිපිරෙව්වාම ඒ වැවේ වතුර ඇවිත් හිරවෙලා පවතින පොඩි ප්‍රදේශයක් තාමත් තියෙනවා, A35 පාර යන්නෙ ඒ උඩින්, නමුත් මේ ටිකෙ මීටර් 200ක් විතර වතුරෙන් යටවෙලා නිසා ඒ වෙනුවට ඊට උඩින් අලුත් පාරක් කපලා තියෙනවා. අපිටත් යන්න වුනේ ඒ අලුත් පාරෙන්.

මේ අතරමග යුද්දයෙන් ඉතිරිවෙච්ච සළකුණු සෑහෙන්න තියෙනවා, අතඇරලා දාපු වාහන, උණ්ඩ සලකුණු වලින් පිරුනු ගොඩනැගිලි වගේ තවත් බොහෝ දේවල්, ඒ මදිවට බිම් බෝම්බ..

තැන තැන විසිරුනු දිරාපත්වෙමින් පවතින වාහන
මේවැනි වාහන බොහෝමයක් මුලතිවු මාර්ගය දෙපස දිරාපත් වෙමින් පවතී.
මේ යායේ බයිසිකල් කොපමන ඇත්ද?
ඉදිරියට යන්න යන්න තිබුන ගොඩනැගිලි වලට වෙලා තිබුන හානිය වැඩියි, ගොඩාක් ගෙවල්, පල්ලි වගේ ගොඩනැගිලි වල ඉතුරු වෙලා තිබුන බිත්ති කිසිම විදිහකට නැවත පාවිච්චි කරන්න බැරිවෙන තරමටම විනාශ වෙලා, කෙටියෙන්ම කිව්වොත් මේ ප්‍රදේශයේ තියෙන සියලුම ගොඩනැගිලි නැවත මුල ඉඳල හදන්න වෙන තරමටම විනාශ වෙලා. ඔහොම ගිහින් පුදුකුඩුඉරිප්පු නගරයට ආවා...

ඉවරවුන යුද්දයෙන් වෙච්ච වැඩිම හානිය වෙලා තියෙන්නෙ පුදුකුඩුඉරිප්පු නගරයට වෙන්න ඕනෙ, තිබුන කිසිම ගොඩනැගිල්ලක් පාවිච්චි කරන්න බැරි තරමටම විනාශ වෙලා, අතරින් පතර යුද හමුදා කඳවුරු වල අපේ රණවිරුවො හැරුනාම  ගරාවැ‍ටුන පුදුකුඩුඉරිප්පු නගරෙ කිසිම කෙනෙක් නෑ,  එහෙම්පිටින්ම පුදුකුඩුඉරිප්පුව හොල්මන් නගරයක් වෙලා.

පුදුකුඩුඉරිප්පු සිට දුර
ගරාවැ‍ටුනු පුදුකුඩුඉරිප්පුවේ ගොඩනැගිලි
ගරාවැ‍ටුනු පුදුකුඩුඉරිප්පුවේ ගොඩනැගිලි
පුදුකුඩුඉරිප්පු ඉඳලා මුලතිවු වලට තියෙන කිලෝමීටර් 17ක විතර කොටසත් මේ වගේම තමයි, ත්‍රිවිද හමුදාවල බොහෝ සේනාංක මේ ප්‍රදේශයෙ ස්තානගතවෙලා තියෙනවා දකින්න පුලුවන්, සවස 3.00 විතර වෙනකොට මුලතිවු නගරයට සේන්දු වුනා,

සුන්දර මුලතිවු වෙරළ
මුලතිවු වෙරළේ ඉතිරි වූ යුද්දයක සිහිවටන
සංවර්ධනයේ පහස ලබා..
රාජකාරි වැඩ ඉවර උනාම මුලතිවු නගරෙ ටිකක් ඇවිදින්න හිතාගෙන හිටියත් වැඩ ඉවරවෙනකොට අඳුර වැටිල තිබුන නිසා නගරේ ඇවිදින්න පුලුවන්කමක් ලැබුනේ නෑ. මුල දවසේ රෑ නවතින්න තිබුනෙ මුලතිවු නගර ඉඳලා ටිකක් දුරින් තියෙන මුලතිව් වල ඉදිකිරීම් කටයුතු සිදුකරන සමගමක ඉන්ජිනේරුවන්ගේ නිළ නිවසක (මුලතිවු නගරෙ සංචාරක නවාතැන් නම් තාමත් නෑ)

නන්දිකඩාල් කලපුවේ පහල කොටස
මුලතිවු වල ගොඩක් ඉන්නෙ ධීවර වෘත්තිය ජීවිකාව කරගත්තු මිනිස්සු, ඒ වගේම මුලතිවු නගරෙටම තියෙන්නෙ එකම එක කාර් එකයි ලු! අනිත් ඔක්කොම වාහන නගරෙ සංවර්ධන වැඩ වලට පිටින් ගිය ඒවා ලු, ලංගම බස් සේවයක් නම් තියෙනව දකින්න තිබුනා, නමුත් බයිසිකල්, ත්‍රීවීල් සෑහෙන්න තිබුනා. ලඟදි පදිංචි කළ නගරයක් නිසා ලොකු ගොඩනැගිලි නම් නෑ, මුලතිව්වල හැම ගෙදරකටම අවුරුද්දක කාලයක් නොමිලේ විදුලිය දීලා තියෙනවා (මේ ගමන යනකොට මුලතිව් වල නැවත පදින්චි කරල මාස 3ක් විතර) මුලතිව් වල මදුරුවො නැද්ද කොහෙද, රෑ මදුරුවෙකුගෙ සද්දයක්වත් ඇහුනෙ නෑ.

***********************************************************************************************************

පහුවෙනිදා පාන්දර මුලතිවු වල පොඩි රවුමක් ගහන්න ලැබුනා, බයිසිකල් වලින් ඉස්කෝලෙ යන ළමයි නගරයට අමුතුම ලස්සනක් ඇතිකරනවා, ඒ වගෙම මුහුදු යන්න සූදනම් වෙන ධීවරයො පාන්දර ඇවිත් දැල් වේලනව දකින්න පුලුවන්, තවත් සමහර තැන් වල මාදැල් අදිනවා දකින්නත් තිබුනා, පාන්දර 9 විතර වෙනකොට සුන්දර මුලතිවු නගරයෙන් පිටත්වෙලා A34 පාරෙන් කොළඹ එන්න පිටත් වුනා....

Friday, May 27, 2011

නිවැරදි වෙබ් ලිපිනයක් ‍තෝරාගැනීම

මාස තුනකට විතර පස්සෙ පොස්ට් එකක් දාන්නෙ, මේ වෙනකන් වල්පල්, සමාජය වගේ දේවල් ගැන ලිව්ව මගේ සටහන් පොතේ මෙතැන ඉඳලා තාක්ශනය, අලුත් දේවල් ගැන ලිපි ලියන්න පටන්ගන්නවා. ඒ විදිහට ලියන පලවෙනි ලිපිය අද මේ විඩිහට දානවා, කියවන හැමෝම කමෙන්ට් එකක් දාන්න පුලුවන්නම් ගොඩාක් හොඳයි..... දැන් මාතෘකාවට බහිමු,

ව්‍යාපාරික වෙබ් අඩවියක, නැත්නම් පෞද්ගලික වෙබ් අඩවියක ජනප්‍රියතාවය බොහොවිට රඳාපවතින්නේ එහි වෙබ් ලිපිනය මත. එමගින් වෙබ් අඩවිය වෙත පමිනෙන්නන් ප්‍රමානය තීරනය කෙරෙනවා, කෙටියෙන්ම කිව්වොත් වෙබ් අඩවියෙන් බලාපොරොත්තු වන අරමුණු ඉ‍ටුකරගන්න එහි ලිපිනය ප්‍රදාන වශයෙන් බලපානවා. මේ නිසා නිවැරදිව, පහසුවෙන් හඳුනාගතහැකි, මතකහිටින නමක් තිබීම වෙබ් අඩවියකට හෝ එය අයත් සමාගමට ඉතා වැදගත්. හොඳ වෙබ් ලිපිනයක් ලිපිනයක් ‍තෝරාගැනීමේදී සැලකිය යුතු මූලික කරුණු කීපයක් ගැන සලකා බලමු.

  • අදාළ වෙබ් ලිපිනය මගින් වෙබ් අඩවියේ අරමුණ සහ අන්තර්ගතය ගැන අදහස් විය යුතුයි.
    - බ්ලොග් අඩවි වලට මෙය එතරම් වැදගත් නැති වුනත් ව්්‍යාපාරික අරමුණු උදෙසා සැකසුනු වෙබ් අඩවි වලට මෙය ඉතා වැදගත්. වේබ් අඩවියේ ලිපිනයෙන් මුලු අඩවියේම අන්තර්ගතය තේරුම් ගත හැකි විය යුතුයි. උදාහරණ විදිහට www.technohug.com, www.nalandascouts.org වැනි වෙබ් අඩවි හඳුන්වන්න පුලුවන්. නමුත් kaputa.com, malkoha.com වැනි වෙබ් අඩ්වි වල අන්තර්ගතය නම ඇසූ පමනින් තේරුම්ගැනීම අපහසුයි.
  • වෙබ් ලිපිනය ඕනෑවට වඩා දිගු නොවිය යුතුයි.
    - මුලින් එදෙන www. සහ .com .lk වැනි ඇරුනාම වෙබ් අඩවියේ ලිපිනය මද්‍යස්ත දිගකින් යුතු වීම වැදගත්. මගේ අදස අනුව නම් මේ සඳහා ඉංග්‍රීසි අකුරු 5 ත් 15 ත් අතර ප්‍රමාණයක් යොදාගන්නවානම් වඩාත් හොඳයි.
  • උච්චාරනය වන ආකාරයට පහසුවෙන් හඳුනාගතහැකි වීම.
    - ඇසූ පමනින් හඳුනාගතහැකි ලිපිනයක් තිබීම වඩා හොඳයි. නවාතැන.com වැනි වෙබ් අඩවියක නම ඇසූ විට එය navathaena.com ද navathana.com ද නැතිනම් navathena.com ද යන්න නිවැරදිව වටහාගන්න අපහසුයි. එමගින් අඩවියට පැමිනෙන්නන් ප්‍රමානයත් අඩු කෙරෙනව. නමුත් එලකිරි.com වැනි නමක් elakiri.com ලෙස පහසුවෙන් හඳුනාගන්න පුලුවන්.
  • ලිපිනයේ අතරමැදින් සළකුණු (symbols) කිසිවක් නොයෙදීම.
    - ආයතන සඳහා වන වෙබ් අඩවි වලට මෙය ඉතා වැදගත්. උදාහරණ විඩිහට i-sys.org යන ලිපිනයට සාපේක්ශව isys.org යන ලිපිනය වඩා හොඳයි.
  • අවසාන වශයෙන්, වෙබ් අඩවියේ අරමුණු වලට සරිලන ආකාරයේ පාඨක පිරිසක් ආකර්ශනය කරගත හැකි ආකාරයේ ලිපිනයක් මේ සඳහා යේදීම වැදගත්.
    - උදාහරනයක් විදිහට mp3 dounload කරන වෙබ් අඩවියකට mp3zone වගේ නමක් යෙදීම වඩාත් ගැලපෙනවා.

අදට මේ ඇති.. Web hosting ගැන මීලඟ ලිපියෙන් කියන්නම්.

Tuesday, December 14, 2010

දේශපාලනය සඳහා ප්‍රචාරන ක්‍රම

අද කාලේ හැටියට දේශපාලනේ කරන්න සමාජසේවය, උගත්කම, මනුස්සකම, හැදියාව වගේ දේවල් උවමනා නෑ! ඕනෙ ප්‍රසිද්දිය විතරයි. මිනිස්සු ඡන්දෙ දෙන්නෙ වැඩියෙන්ම ප්‍රසිද්ද කෙනාට මිසක් සමාජසේවය කල අයටම නෙමේ වගෙයි පේන්නේ! පහුගිය කාලෙ තිබුන ඡන්දයි ඒවයෙන් පත්වෙච්ච උදවියයි ගැන සලකලා බැලුවොත් ඕන ගොනෙකුට ඒක තේරුම්ගන්න පුලුවන්. ඒ නිසා කාලේ හැටියට ලේසියෙන්ම ප්‍රසිද්ද වෙන්න පුලුවන් ක්‍රමය කල්පනා කරල බැලුවා.... පොඩි පොඩි අයිඩියා ටිකකුත් ආවා. "මගේ සටහන් පොත" කියවන දේශපාලනේ කරන්න බලාපොරොත්තු වෙන අයගේ පහසුව පිණිස පළවෙනි එක කියන්නම්.

මේකයි වැඩේ, හරිම සිම්පල් ප්ලෑන් එකක්. මුලින්ම පොඩි දේ ලොකු කරලා කියන ටීවී චැනල් එකක් හොයාගන්න ඕනෙ. ඒක තමන් දේශපාලනේ කරන පක්ශයට විරුද්ද මත දරන, තමන්ගේ ප්‍රතිවාදී පක්ශෙට සපෝට් කරන චැනල් එකක් වෙන්නත් ඕනෙ. අන්තිමට, පොඩි දෙයක් වෙච්ච ගමන් උඩුබුරන Breaking news විකාශයක් ඒ චැනල් එකට තියෙන්නත් ඕනෙ. මේ ඔක්කොම හරිනන් ප්ලෑන් එකේ පළවෙනි පියවර ගොඩ.

මෙන්න දෙවෙනි පියවර, මුලින්ම තමන්ගෙ මොකක්හරි ‍රැස්වීමකට ඒ චැනල් එකේ මාද්‍යවේදියො ගෙන්නගන්න ඕනෙ. ඊට පස්සෙ ටිකක් විතර ඒ චැනල් එක, ඒකෙ ප්‍රවුර්ති විකාශය, වැඩසටහන් ගැන විවේචනය කරන්න ඕනෙ. නැත්තං ඒකෙ අවදානය නැතිවෙනවා. අන්තිමට මොකක්හරි පොඩි සිද්දියක් අල්ලගෙන ඒ චැනල් එකේ මාද්‍යවේදියෙක් ට (අනිවා.. කැමරාවක් අතේ තියෙන කෙනෙක් වෙන්න ඕනෙ) පොඩි සද්දයක් දැම්මනම් හරි. ඒත් මදි කියලා හිතෙනවනම් පොඩි පාරක් ගැහුවනම් ගොඩේ ගොඩ. ගහන පාරෙ සැර අනුව තමයි චැනල් එකෙන් මාකට් කරන කාලෙ අඩු වැඩි වෙන්නෙ. ඊටපස්සෙ කරන්න තියෙන්නෙ බලංඉන්න එක විතරයි. අර මාද්‍යවේදියට බලපෑම් කලා කියලා ටීවී චැනල් එකෙන් breaking news දාලා සිද්දිය වුන දවසෙ පැය 24ම කියවලා තවත් දවස් ගානක් යනකම්ම ගැහුව කෙනාගෙ නමයි පවුලෙ විස්තරයි තව දන්න නොදන්න ගොඩාක් විස්තරයි කියවයි.

නිකන් බොරුවට ටීවී චැනල් වල ඇඩ් දාන්න සල්ලි වියදම් කරනවට වඩා මේ වගේ සිම්පල් ප්ලෑන් එකක් අනුගමනය කලා නම් ඉවරනෙ! එක දවසින් රට පුරාම ප්‍රසිද්ධ වෙන්න පුලුවන්. ඊට පස්සෙ තමන් බලාපොරොත්තු වෙන ඕනෙම පාලන ආයතනෙකට ජනතාවගේ ඡන්දයෙන්ම යන්නත් පුලුවන්.  Try කරලා බලන්න. හරිගියොත් අපිටත් කියන්න. වැඩේ වැරදුනොත් එන අතුරු ආබාධ වලට නම් මම වගකියන්නෙ නෑ..!

Tuesday, August 10, 2010

කොට්ටයක වැදගත්කම

හරියට නින්ද නොගිය දවසක අඩනින්දේ හිතට ආව අදහස් ටිකක් තමා මේ ලියන්නෙ. සමහරුන්ට නම් මේක එච්චර වැදගත් මාතෘකාවක් නොවෙන්න පුලුවන්.. ඒත් හිතලා බැලුවමයි තේරෙන්නෙ අඩ නින්දේ හිතට ආව අදහස් වල හරවත් බව..

ලොකු පොඩි, බාල මහලු හැම කෙනෙක් ටම නිදාගන්න කොට්ටයක් අත්‍යාවශය වෙනවා, බුද්ධිමත්, මෝඩ හැම කෙනෙක් ගේම, හොඳ, නරක ඔලු හැම එකක්ම රෑට කොට්ටෙට තමයි බාර. වැරදිලාවත් කොට්ටයක් කතාකලොත් මොනවගේ දේවල් කියයි ද....?  මේ කාලෙ කට්ටියගෙ කාර්යබහුලත්වයෙ හැටියට දවස් දෙකක් විතර නාන්නෙ නැතුව නිදාගන්න අය ඇති නෙ! එහෙම කෙනෙක් නිදාගන්න ගියාම කොට්ටෙ මොනතරම් අපහසුතාවයකට පත්වෙනව ඇතිද..!! පන නැති නිසා හොඳයි. සමහරු හෙයා ජෙල්, හෙයා ඔයිල් වගේ නොයෙකුත් දේවල් ගාලා ඔලුව හෝදන්නෙ නැතුව නිදාගන්නවනෙ! එහෙම වෙලාවක කොට්ටෙට කොහොම දැනෙනවද දන්නෙ නෑ..!

අපේ කට්ටිය කොට්ට පාවිච්චි කරන්නෙ නිදාගන්නම විතරක් නෙමෙයි.. මදුරු දැලක් නැත්තම්, කොනකින් අල්ලා ඇඟ පුරාම ඉන්න මදුරුවො තලන්නත් කොට්ටෙ යොදාගන්නවා (විශේෂයෙන්ම මදුරුවො කාලා නින්දෙන් අහැරුන වෙලා වලට).

‍රෑට ෆෝන් වල එල්ලිලා ගෙදරට හොරෙන් මල් කඩන නංගිලා මල්ලිලාට කොට්ටෙ මොනතරම් වැදගත් වෙනවා ඇත්ද.. කාටවත් ඇහෙන්නෙ නැතිවෙන්න කතාකරන්න කොට්ටෙ ඕනෙ ලු නෙ! එහෙමයි කියලා ඒ කවුරුත් කොට්ටෙට කළගුණ සලකනවද කියලනම් දන්නෙ නෑ.. සතියකට සැරයක් වත් කොට්ට උරේ මාරු කරනවානම ඒවගේ අයගෙ ඇඟට ගුණයි ලු!!

සමහරු තමන්ගෙ දුක කියන්නත් කොට්ට පාවිච්චි කරනවා. සමහර ගෑණු ළමයි විභාග ෆේල් උනාම, තමුන් කැමති කෙනා "සුපර්ස්ටාර්" වටයෙන් කැපුනම..bla bla වගේ අවස්ථා වල කොට්ට බදාගෙන අඬනව කියන්නෙ!! අපි දන්නවයැ ඕවා..! ඒ වගේ අයගෙ කඳුලු ටොන් ගානක් කොට්ට වලට උරාගෙන ඇති නේ!!

එච්චර හිතුවෙ නැති උනාට, කොට්ටේ මිනිස්සුන්ට කොච්චර අත්‍යාවශ්‍ය දෙයක් ද...? කොට්ට නැති ලෝකයක් මොන වගේ වෙයි ද?? අපේ ගැමියො කොට්ටේ වැදගත්කම දැකලද දන්නෙනෑ, කොට්ටෙට ගරු කිරීමක් වශයෙන් අවුරුදු උත්සව වලට "කොට්ට පොර" ක්‍රීඩාවක් විදිහට එකතු කළේ!

*******************************************************

ඊට පස්සෙ නින්ද ගියාද කොහෙද! පාන්දර අවදි වෙනකොට මෙච්චර තමයි මතක තිබුනෙ.

Monday, June 14, 2010

Creative and funny Ads of 2010






I found these images through internet. Enjoy its interesting. And don't forget to leave a comment.

Monday, June 7, 2010

අපි නොදන්න "IIFA"

ජාත්‍යන්තර ඉන්දියානු චිත්‍රපට ඇකඩමියේ සම්මාන ප්‍රදාන උත්සවය, අපි දන්න විදිහට IIFA පහුගිය සෙනසුරාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අති උත්කර්ශවත් අන්දමින් පැවත්වුනා කියන්නෙ! හබැයි මෙක ලියන වේලාව වෙනකොටත් ඒකෙ හොඳක් කියන අය හම්බවුනේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. ඇත්තටම IIFA නිසා රටට පාඩුවක් වුනා ද? නැත්තම් ඔය සමහර අය කියනවා වගේ "නංගි පෙන්නලා අක්ක දුන්නා" වගේ වැඩක් ද කළේ? එක එක අය එක එක දේවල් තමා කියන්නෙ!

මේ අතරේ සමහර අයට IIFA බලන්න ටිකට් එකක් ගන්න සල්ලි නැතුව සංවිධායකයින්ට අම්බානට බැනලා මූනු පොතේ කමෙන්ට් එහෙම දාල තිබුනා දකින්න ඇතිනේ, ලංකාව දුප්පත් රටක් ලු, ඒ නිසා ලොකු ගනන් වලට ටිකට් අරගෙන IIFA බලන අය රටට කරන්නෙ ද්‍රොහී කමක් ලු!! IIFA බලන්නෙ නැතුව ඒ ටිකට් වලට වියදම් කරන සල්ලි දුප්පත් මිනිස්සුන්ට දෙන්නලු!(කරන්න පුලුවන්නම් ඇත්තටම හොඳයි). මේ ගැන මගේ අදහස නම් මීට වඩා වෙනස්. විනෝද වෙන්න ඕනෙ නම්, වියදම් කරන්න සල්ලිත් තියෙනවානම් ඕන කෙනෙක් ඕන විදිහකට IIFA බලපුදෙන්. අපිට පාන් යැ...!!! සමාජ විරෝධී වැඩ කරන්නෙ නැතුව වැඩිපුර තියෙන සල්ලි වලින් IIFA වගේ දෙයක් බලන එකේ වැ‍රැද්දක් නම් මට පේන්නෙ නෑ. ඒත් වියදම් කරන මුදල නම් අපරාදෙ තමා. රුපියල් ශත නෙමේ නෙ, ලක්ෂ ගනන්.

පාරෙ යනකොට වැරදීමකින් කවුරුහරි ඇඟේ හැප්පුනත් ඒක දේශපාලනීකරනය වෙන ලංකාවෙ IIFA දේශපාලනීකරනය නොවී තියෙයි ද!! ඔය ටීවී වලින් දැක්කෙ, ශාරුක් ඛාන් ලා, අභිතාබ් බච්චන් ලා ආවේ නැති එකේ දුකට කට්ටිය මාධ්‍යය සාකච්ඡා තියලා දුක කියනවා..! අනේ ඉතින්  උන්ට එන්න බැරි එකටත් ආණ්ඩුවනේ වගකියන්න ඕනෙ!! IIFA ලංකාවෙ පැවැත්වීම ගැන ප්‍රශ්න නැතුවාම නෙමෙයි, නමුත් මේවගෙ පුංචි දේවල් වලටත් ආණ්ඩුවට වැ‍රැදි කියන එක නම් හොඳ නෑ. කවුරු නාවත් මේකෙන් රටට හොඳක් වෙනවානම් එච්චරයි, පහුගිය කාලෙ තිබුන තත්වෙ හැටියට මේ නිසා ලංකාව සංචාරයට සුදුසු තැනක් කියලා සහතිකයක් ලැබිලා තියෙනවා... ඒ වගේම ලංකාව ආරක්ශිත රටක් කියලාත් මේ ලෝකයට පෙන්නන පුලුවන් වුනා.

වැරදි තියෙන්න ඇති, මහා යුද්ධයක් දිනුව රටක් හැටියට ලංකාවෙ කිසිම අනතුරක් නැතිව මේ වගේ විදේශීය සම්මාන උත්සවයක් පැවැත්වීම ගැන නම් ඇත්තටම සතු‍ටු වෙන්න ඕන. රටට, රටේ අනාගතයට හොඳක් වෙනවනම් ශාරුක් ඛාන් ලා, අබිතාබ් බච්චන් ලා විතරක් නෙමෙයි වෙන මොකා ආවෙ නැතත් කමක් නැ.... වැඩේ හොඳට, හරියට වුනානම් එච්චරයි.

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...