Tuesday, December 14, 2010

දේශපාලනය සඳහා ප්‍රචාරන ක්‍රම

අද කාලේ හැටියට දේශපාලනේ කරන්න සමාජසේවය, උගත්කම, මනුස්සකම, හැදියාව වගේ දේවල් උවමනා නෑ! ඕනෙ ප්‍රසිද්දිය විතරයි. මිනිස්සු ඡන්දෙ දෙන්නෙ වැඩියෙන්ම ප්‍රසිද්ද කෙනාට මිසක් සමාජසේවය කල අයටම නෙමේ වගෙයි පේන්නේ! පහුගිය කාලෙ තිබුන ඡන්දයි ඒවයෙන් පත්වෙච්ච උදවියයි ගැන සලකලා බැලුවොත් ඕන ගොනෙකුට ඒක තේරුම්ගන්න පුලුවන්. ඒ නිසා කාලේ හැටියට ලේසියෙන්ම ප්‍රසිද්ද වෙන්න පුලුවන් ක්‍රමය කල්පනා කරල බැලුවා.... පොඩි පොඩි අයිඩියා ටිකකුත් ආවා. "මගේ සටහන් පොත" කියවන දේශපාලනේ කරන්න බලාපොරොත්තු වෙන අයගේ පහසුව පිණිස පළවෙනි එක කියන්නම්.

මේකයි වැඩේ, හරිම සිම්පල් ප්ලෑන් එකක්. මුලින්ම පොඩි දේ ලොකු කරලා කියන ටීවී චැනල් එකක් හොයාගන්න ඕනෙ. ඒක තමන් දේශපාලනේ කරන පක්ශයට විරුද්ද මත දරන, තමන්ගේ ප්‍රතිවාදී පක්ශෙට සපෝට් කරන චැනල් එකක් වෙන්නත් ඕනෙ. අන්තිමට, පොඩි දෙයක් වෙච්ච ගමන් උඩුබුරන Breaking news විකාශයක් ඒ චැනල් එකට තියෙන්නත් ඕනෙ. මේ ඔක්කොම හරිනන් ප්ලෑන් එකේ පළවෙනි පියවර ගොඩ.

මෙන්න දෙවෙනි පියවර, මුලින්ම තමන්ගෙ මොකක්හරි ‍රැස්වීමකට ඒ චැනල් එකේ මාද්‍යවේදියො ගෙන්නගන්න ඕනෙ. ඊට පස්සෙ ටිකක් විතර ඒ චැනල් එක, ඒකෙ ප්‍රවුර්ති විකාශය, වැඩසටහන් ගැන විවේචනය කරන්න ඕනෙ. නැත්තං ඒකෙ අවදානය නැතිවෙනවා. අන්තිමට මොකක්හරි පොඩි සිද්දියක් අල්ලගෙන ඒ චැනල් එකේ මාද්‍යවේදියෙක් ට (අනිවා.. කැමරාවක් අතේ තියෙන කෙනෙක් වෙන්න ඕනෙ) පොඩි සද්දයක් දැම්මනම් හරි. ඒත් මදි කියලා හිතෙනවනම් පොඩි පාරක් ගැහුවනම් ගොඩේ ගොඩ. ගහන පාරෙ සැර අනුව තමයි චැනල් එකෙන් මාකට් කරන කාලෙ අඩු වැඩි වෙන්නෙ. ඊටපස්සෙ කරන්න තියෙන්නෙ බලංඉන්න එක විතරයි. අර මාද්‍යවේදියට බලපෑම් කලා කියලා ටීවී චැනල් එකෙන් breaking news දාලා සිද්දිය වුන දවසෙ පැය 24ම කියවලා තවත් දවස් ගානක් යනකම්ම ගැහුව කෙනාගෙ නමයි පවුලෙ විස්තරයි තව දන්න නොදන්න ගොඩාක් විස්තරයි කියවයි.

නිකන් බොරුවට ටීවී චැනල් වල ඇඩ් දාන්න සල්ලි වියදම් කරනවට වඩා මේ වගේ සිම්පල් ප්ලෑන් එකක් අනුගමනය කලා නම් ඉවරනෙ! එක දවසින් රට පුරාම ප්‍රසිද්ධ වෙන්න පුලුවන්. ඊට පස්සෙ තමන් බලාපොරොත්තු වෙන ඕනෙම පාලන ආයතනෙකට ජනතාවගේ ඡන්දයෙන්ම යන්නත් පුලුවන්.  Try කරලා බලන්න. හරිගියොත් අපිටත් කියන්න. වැඩේ වැරදුනොත් එන අතුරු ආබාධ වලට නම් මම වගකියන්නෙ නෑ..!

1 comment:

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...