Sunday, October 2, 2011

ඩයලොග් ජන්ජාලේ - ජංගම දුරකථන පාවිච්චි කරන අය මේ ගැන සැලකිලිමත් වන්න

මේක මීට මාස තුන හතරකට විතර ඉස්සෙල්ලා මට වෙච්ච ඇබැද්දියක්. අපි නැග්ගොත් ඉතින් පුවක් ගහෙත් දෙබලක් ලු නෙ! ඒ වුනාට ඒ වුනාට ජංගම දුරකතන පාවිච්චි කරන හැමෝටම මේ දේ වෙන්න පුලුවන්. මෙන්න මේකයි කතාව,

කරන්න වැඩක් නැතුව චාටර් වෙවී හිටිය දවසක නිකමට වගේ හිතුනා මොබ්යිල් එකෙන් #132# ගහල මගේ ලියාපදිංචි විස්තර බලන්න. ඔන්න ඉතින් #132# ගහල එන මෙනූ එකෙන් 1ත් ගහල බැලුවා, එන විදිහට නමයි ID number එකයි හරි. ඊලඟට පුලුවන්නෙ මගේ ID number එකෙන් තියෙන අනිත් සම්බන්දතා ටික බලන්න, නිකන් දෙන service එක නිසා ඒකත් බැලුවා... එතකොට තමා වැඩේ පත්තු වුනේ. මම ගත්තු ඩයලොග් නම්බර් 2 ට පස්සෙ තවත් නම්බරයක් තියෙනවනෙ මගේ නමට!!  දැන් තමා ඉහෙන් කනින් දාඩිය දාන්න ගත්තෙ. කවුද දන්නෙ කවුරු මොනවට පාවිච්චි කරන නොම්බරයක් ද කියල!! වැරදිලාවත් පාවිච්චි කරන එකා ඒක ත්‍රස්තවාදී වැඩකට (කාටහරි ගේමක් දෙන්න එහෙම) පාවිච්චි කරපු එකක් නම් මටනෙ කෙලවෙන්නෙ! තියෙන්නෙ මගේ නමට නෙ!!

ටිකක් වෙලා ඉඳලා ගත්තා ඩයලොග් Cutomer care එකට කෝල් එකක්, ටිකක් විතර කාලෙ කාලා අනිත් පැත්තෙන් සෙට් වුන dialog නංගිට සම්පූර්ණ විස්තරේ කිව්වා.. කතාකරනකොට තේරෙනව එයාටත් වැඩේ අවුල් වගේ. මගෙන් දෙතුන් පාරක් ම ඇහුවා මම ගත්ත එකක් නෙවේමද... කියලා. මම ගත්තනම් ඉතින් අමතක වෙන්න විදිහක් නෑ නෙ! පස්සෙ බැරිම තැන එයා කියනව ලඟ තියෙන ඩිඅලොග් ආකේඩ් එකකට ගිහින් සීන් එක කියල බලන්න ලු.

පස්සෙ දවසෙ උදේ පාන්දර ම ගියා බො‍රැල්ලෙ ඩයලොග් එකට. ගිහින් සම්පූර්ණ සිද්දිය කිව්වා. ඒකෙ හිටිය අය මගේ ID එකත් ඉල්ලගෙන ඔක්කොම බලලා ආයෙත් අහනවා මම ගත්ත එකක් නෙවෙයි ම ද කියලා! උන් ඔක්කොටම නෑ... ම කිව්වට පස්සෙ ඒක disconnect කරන්න පුලුවන් කියලා කිවවා. තව ඒකෙ පාවිච්චි කරපු හැටි ගැන විස්තර දැනගන්න ඕනෙනං මරදානෙ තියෙන ඩයලොග් ආකේඩ් එකට යන්නත් කිව්වා. අපිට ඉතින් කරන්න වෙන වැඩ නෑ කියලා වෙන්න ඇති හිතනව ඇත්තෙ! කෝකටත් හොඳ නිසා මම කිව්වා ඒක ඩිස්කනෙක්ට් කරන්න කියලා. අනේ අපරාදෙ කියන්න බෑ එතන හිටිය අක්කා මගෙ ID එකත් අරගෙන සිම් එක ඩිස්කනෙක්ට් කරන්න තියෙන ෆෝම් එකේ ඔක්කෝම පුරවලා දුන්නා යට සයින් කරන්න. එහෙම දුන්නකියලා නිකන් අත්සන් කරන්න බෑ නෙ! මම ඒකෙ උඩ ඉඳලා පහලටම පුරවපු ටික කියවලා බැලුවා. ඔක්කොම හරියට තිබුනා ඒත් ඒකෙ තිබුනෙ මගේ නම නෙමෙයි. ඉතින් සයින් කරන්නෙ නැතුවම ෆෝම් එක ආයෙත් දුන්නා, එයා ඒක සිස්ටම් එකෙන් චෙක් කරලා කියනවා, මාර වැඩේ නෙ, සර්ගෙ ID number එකට තියෙන්නෙ මේ නමනෙ කියලා! මේක චෙක් කරද්දි මගේ ID එක තිබුනෙ එයා ලඟ, එතකොට තේරෙනවනෙ වෙලා තියෙන දේ!!

ඊට පස්සෙ ඉතින් head office එකට කතාකරලා සීන් එක ගැන හොයලා බැලුවා. බඩුම තමයි, මගේ ID number එකට තියෙන්නෙ වෙන නමක්! ඒ වුනාට #132# ගහලා බැලුවම මගේ නම ලස්සනට පෙන්නනවා මගේ නම්බර් දෙකයි අනිත් නොම්බරෙත් එක්ක. විනාඩි 10ක් විතර කට්ටිය කතාකරලා අන්තිමට මට කිව්වා head office එකට කිව්වා, ඒකෙන් කෙනෙක් කතාකරයි කියලා. එතකන් බය නැතුව ඉන්න කියලත් කිව්වා.

තවත් පැය දෙකකට විතර පස්සෙ ආව ඩයලොග් එකෙන් call එකක්. හලෝ මිස්ටර් **** ඉන්නවද කියල ඇහුවා (**** කිව්වෙ මගේ නම නෙමෙයි අර මගේ ID එකට දාල තිබුන නම). මම ඉතින් නෑ කියලා අවුල ලිහාගෙන විස්තරේ කිව්වා. පස්සේ මම ඩයලොග් එකෙන් ගත්ත connections ගැනයි තව මොනවද වගයක් ඇහුවා. අන්තිමට ඒ ගැන හොයලා බලන්නම් කියලා කෝල් කළ කෙනා තිබ්බා. තවත් පැයකට විතර පස්සෙ ඩයලොග් එකෙන් කතාකරලා කිව්වා වෙලා තිබුන ප්‍රශ්නෙ විසඳුවා, ඒ කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කළා කියලා. මම ආයෙත් #132# ගහලා බැලුවා. එතකොට නම් වැඩේ හරි, නොදන්න number එක අයින් වෙලා තිබුනා.

මේ සිද්දිය වෙලා මාසයක් විතර ගියාට පස්සෙ ආයෙත් ඩයලොග් එකෙන් කතාකළා. ඒ ගැන ඇතුලෙන් පරීක්ශණයක් කරනව ලු. අහනවා ඒකෙන් වුන අපහසුතා මොනවද, ඩයලොග් ගැන තිබුන ආකල්ප වෙනස් වුනාද, තවදුරටත් ඩයලොග් පාවිච්චි කරනවද.. වගේ දේවල්. මම ඉතින් හොඳට ලුනු ඇඹුල් ඇතුව කිව්වා... පස්සෙ මොනවා වුනාද දන්නෙ නෑ. ඒ වුනාට මේ ගැන Dialog එක කටයුතු කළ විදිහ ගැනත් සෑහීමකට පත්වෙන්න පුලුවන්. තිබුන වැරද්ද එක දවසෙන් හැදුවනෙ මාව එච්චර රස්තියාදු නොකර.

මේ සිද්දියෙන් පස්සෙ පුරුද්දක් විදිහට මම පාවිච්චි කරන ඩයලොග් සහ මොබිටෙල් සිම් දෙකේ ම registration details මාස දෙකකට සැරයක් වත් චෙක් කරලා බලනවා. මට එච්චර අවුලක් වුනේ නැති වුනාට ඒ නොදන්න සිම් එකෙන් වැරදි දෙයක් කරලා තිබ්බනම් මම තමයි ගස් යන්නෙ!! ඒ නිසා මේක කියවන අය හැම කෙනෙක්ටම කියන්න තියෙන්නෙ, තමන්ගෙ mobile connection එක ගැන අවදානයෙන් ඉන්න අමතක කරන්න එපා. ඩයලොග්, මොබිටෙල් වගේ මොන සම්බන්ධතාවක් පාවිච්චි කළත් මේ වගේ දේවල් වෙන්න පුලුවන්. දෙයක් වුනාම ඒ ගැන දුක්වෙනවට වඩා වෙන්න තියෙන දෙයක් වළක්වාගන්න එක නෙ හොඳ.

*********************

මේ ගැන ඔබේ අදහස් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් සටහනකින් හමුවෙමු.

18 comments:

  1. hiki hiki~ ape dadta mobitel 1e register karala thiyenne 86 number 1kata! :D :D kohoma hari eeka hadagaththa! hiki hiki!

    ReplyDelete
  2. ඩයලොග් නිසා ඔයින් ගියා හුලං ටෙල් වගෙ එකක ඔය දේ උනා නම් , උඹ මේ ලිපිය ලියන්නේ සුද්ද සිංහලත් එකතු කරල

    ReplyDelete
  3. මගේ Etisalat number එකෙත් අවුලක් තියෙනවා, ඉක්මනට හදා ගන්න ඕන. ස්තූතියි යාළුවා දැනුවත් කලාට.

    ReplyDelete
  4. @Ano1 - පේන විදිහට අනිත් නෙට්වර්ක් වල තත්වෙ මීට වඩා අවුල් වගේ :D

    @buwa - ඒකනෙ කියන්නෙ, ලංකාවෙ අපිටනන් ඩයලොග් තමයි කියලා... :)

    @Ishar - එහෙනම් ඉක්මනට හදාගන්න... හබැයි ඉතින් etisalat නිසා වැඩේ ලේසි වෙයි ද දන්නෙ නෑ!

    අදහස් එකතු කළ හැමෝටම ස්තුතියි :)

    ReplyDelete
  5. යාලුවා, තමන්ගේ ID එකට තියෙන අනෙකුත් numbers බලා ගන්නේ කොහොමද කියලා කරුණාකරලා කියලා දෙනවාද?

    ReplyDelete
  6. ඔයාගේ සිද්දිය මෙහෙමයි වෙන්න ඇත්තේ සමහර විට. ලගදි මම ඩයලොග් සිම් ගත්තා එකේ #132# ගහපුවාම Regetser විස්තර ඉල්ලනවා අපේ නමයි ID No එකයි. එහෙම ගහලා අපේ නමට ලියාපදිංචි කරගන්න. එකට වෙන කෙනෙක්ගේ විස්තර ලබා දෙන්න පුලුවන්.

    මට මෙහෙම සිද්දියක් උනා ඒ හුලංටෙල් එකෙන්. 2009 කඩවල් ගානේ හිටන් ඉදලා පැනලා ගනිපු සිම් එක මාස 3 යද්දි අංකය මාරු කලා. මගේ සිම් එකේ තියෙන්නේ වෙන අංකයක් මගේ අංකය ගහපවාම ගැනියෙක් උස්සනවා. එක වෙන කෙනෙක්ට ගිහින්. පරිභෝගික සේවාවට කිව්වට ඇහුවෙම නෑ. පස්සේ ගියා උන්ගේ Branch එකට. උන්ට කිව්වා විස්තරේ. සිම් එක ගන්නකොට දුන්න රිසිට් එකත් දුන්නා. (ඒ රිසිට් එකේ මම අස්සන් කරලා තියෙනවා මගේ කියලා අංකය. )
    උන් කියනවා ඒ නොම්බරේ දැන් වෙන කෙනෙක්ට අයිතිලු මට ඒ අංකය දෙන්න බෑ කියලා. ඕනම් මගේ සිම් එකේ වැටන අංකය මගේ නමට දෙන්නමලු. දැන් හිතන්නකෝ මගේ අංකය වැටුන එකා මොකක් හරි දෙයක් කලොත් මම හිරේ යන්න වෙනවනේ. අනිත් එක දැන් මගේ සිම් වැටුන අංකය කොහේ කවුරු පවිචි කරපු එකක් ද කියලා අපි දන්නේ නෑනේ. එක මගේ නමට ලියාපදචි කලොත් ඒහෙම සිම් එකක් ලියාපදිංචි කරගන්න බැරි එකේ සිංහලෙන්ම උන්ට කිව්වා එත් දෙන්න බෑ කියලාම තමයි කිව්වේ මහා පාහර හැත්තක්.

    ReplyDelete
  7. @Nadun - හුලන් ටෙල් ගැන මට කියන්න තියෙන්නෙත් පාහර හැත්තක්ය කියල තමයි . මම මුලින්ම ගත්ත නොම්බරය ලියා පදිංචි කරල තිබුනේ වෙන කෙනෙක්ගේ නමට කිව්වා ලිඛිත ඉල්ලීම් කල හරි යන්නේ නැ , මම සිම් එක විසි කරල දාල , මගේ අයිඩෙන්ටි කාඩ් නම්බර් එකට ගත්ත ඔක්කොම හුලං ටෙල් සිම් පත් ඩිස්කනෙක්ට් කරන්න කියල වැඩෙ ෆිනිශ් කරා

    ReplyDelete
  8. මේ කථාව ඇත්ත මම දන්න එක කොමියුනිකේෂන් එකක් තිබුනා නම කිවට වැඩක් නැ මම ලග ඔප්පු කරන්න සාක්ෂි නැති නිසා.. අර ඩයලොග් එකෙන් තිබුනා නේද තරගයක් වැඩිම අලවි කරන කෙනාට තැගි දෙන... ඔන්න ඔය කේස් එක හින්දා ගොඩාක් අය එක සිම් එකක් ගත්තු කෙනාට තව සිම් 7,8ක් එයාලගේ ගානේ අපිට ඇක්ටිව් කරනවා.. එයාලගේ ගාන වැඩි වෙන්න.. හුලංටෙල් වලත් ඕකම කරලා කාර් එකකුත් ගත්තාවගේ මතකයක් තියනවා ඔය වැඩෙන්...

    මේක සම්පුර්ණ ඇත්ත

    ReplyDelete
  9. [[ අපි නැග්ගොත් ඉතින් පුවක් ගහෙත් දෙබලක් ලු නෙ! ]]

    ඕක වෙනස් වෙල දැන්. දැන් කියන්නෙ අපි නැග්ගොත් පුවක් ගහ මුදුනටත් සිග්නල් නෑ කියල :)

    ReplyDelete
  10. @dona - ඩයලොග් වල නම් #132#, 1, 1 පිලිවෙලට browse කලොත් තමන්ගෙම ID number එකට තියෙන අනිත් numbers බලාගන්න පුලුවන්. අනිත් නෙට්වර්ක් වලත් #132# වලින් ලියාපදිංචි තොරතුරු බලන්න පුලුවන්.

    @Nadun - අර අලුත් නොම්බරේ data enter කරනකොට වරද්දලා කියලා තමයි දැනගන්න ලැබුනෙ, ඒත් එකම ID number එකට නම් දෙකක් save වෙන්න තරම් උන්ගෙ සිස්ටම් දුර්වලද කියන එකයි හිතාගන්න අමාරු. පේන විදිහට මට වඩා සෑහෙන්න බරපතල ප්‍රශ්නයක් වගේ... අපි නම් ඔය හුලංටෙල් පාවිච්චි කරන්නෙ නෑ.

    @buwa - එළ කොල්ලෙක් නෙ, එහෙම තමයි ඉන්න ඕනෙ. හුලංටෙල් වලට ඕනෙ විදිහට අපි නටන්න ඕනෙ නෑ නෙ, නේද..!

    @Ano2 - ඔය කොමිනිකේශන් වල ඉන්න එවුන් දන්නෙ නෑ නෙ ඒවගෙ තියෙන බරපතලකම, උන්ට ඕනෙ උන්ගෙ කුට්ටිය කඩාගන්න විතරයි. ගත්ත කෙනාට තමා sorry.com වෙන්නෙ. සිද්දිය දැන්වුවට බොහොම ස්තුතියි මිත්‍රයා..

    ReplyDelete
  11. @Chanaka - හිකිස්, ඇත්ත තමා, ඒකත් කාලෙත් එක්ක update වෙන්න ඕනෙ :D

    ReplyDelete
  12. කොහොම හරි වැඩේ ශේප් වෙච්ච එක ලොකු දෙයක්. ගොඩක් වෙලාවට අපේ උදවිය කරන්නෙ රස්තියාදු වෙන්න බැරි කමට මුකුත් කරන්නෙ නැතුව ඉන්න එකනෙ!

    හුලන්ටෙල් නම් ඉතින් පජාතයි තමයි!

    ReplyDelete
  13. හපෝ ලොකු දෙයක් දැනුවත් කරපු එකට ......

    ReplyDelete
  14. Hapoiii. Mage thiyanne mobitel pre paid connection ekak. Mage id number eka hari...eth wena namak thiyanne

    ReplyDelete
  15. macho.wade kohoma unath anith ewwata wadiya dialog eke customer care service eka godak hodai.

    ReplyDelete
  16. දැනුවත් කිරීම ගැන ස්තූතියි

    ReplyDelete
  17. ඩයලොග් නොවන සිම් වල අපේ ID නම්බර් එකට තියෙන අනිත් සිම් නම්බර් බලා ගන්නේ කොහොමද ?
    ඒවගේ #132# ගැහුවම පෙන්නන්නේ ඒ සිම් එකේ විස්තර විතරයි නේ ...

    ReplyDelete
  18. comment කළ හැම දෙනාටම බොහෝම ස්තුතියි. අදහස් වල හැටියට නම් ඩයලොග් customer care එක අනිත් ඒවට වඩා සෑහෙන්න හොඳයි වගේ :D

    අන්තිම Ano ට - දන්න තරමින් නම් අනිත් ඒවගෙ එහෙම facility එකක් දෙන්නෙ නෑ ලු! කොහොම නමුත් ඒ ගැන වැඩි දෙයක් දැනගත්ත ගමන් comment එකක් විදිහට දාන්නම්.

    ReplyDelete

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...