Sunday, February 21, 2010

උගතුන් බුද්ධිමතුන් වේ ද?

අප අතීතයේ සිටම බුද්ධිමතුන් යැයි අසා තිබුනේ සෑමවිටම උගත් පිරිසකට ය. නමුත් වර්ථමානයේ එම උගත් බුද්ධිමත් පිරිස පිළිඔඳ සමානතාවය නොගැලපෙන අවස්ථා දකින්නට තිබේ. මේ ලිපිය ලියන්නට සිතුනේ එවැනි නොගැලපේ යැයි සිතෙන අවස්තාවක් පිලිඔඳව දැනගන්නට ලැබුනු නිසා ය. පසුගිය දිනක ඉශාන් තිලිණගේ "මගේ සටහන්" පි‍ටුවේ පළවූ "බුද්ධිමතුන් + පිස්සන් = ???????????" ලිපිය කියැවීමෙන් පසු හා එයට ලැබී තිබෙන කමෙන්‍ටු සැලකූ විට මේ සම්බන්ධය බිඳීයන අවස්ථාවන් දැකගත හැකිය.

අද ශ්‍රී ලංකාවේ පවතින සමාජ ක්‍රමය තුළ බොහෝ විට උගතුන් යැයි සම්මත කර තිබෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන් කෙළ පැමිණි, රජයේ විශ්ව විද්‍යාල වලින් ඉගෙනගත් පිරිසකට ය. විශ්ව විද්‍යාලයෙ කුමන අංශයේ ඉගෙනුම ලැබුවද ලංකාවෙ කැම්පස් එකක ඉගෙනගන්නා අයෙක් නම් සමාජයේ ඔහු ඉතා උසස් පුද්ගලයෙකි, අපේ භාශාවෙන් නම් පොරකි, නමුත් එකී පිරිසට සමාජයෙන් තමන්ට ලැබෙන ගෞරවය ආරක්ෂා කර ගැනීමට නොහැකිව ඇති බවක් පෙනෙන්නට තිබේ. මෙයට හොඳම උදාහරණය නවකවදය පිළිඔඳව පළවූ ඉහත කී ලිපියයි. නවක වදය දෙනු ලබන්නේ ද ඒ නිසා පීඩාවට පත්වන්නේ ද ඉහත මා සඳහන් කළ පරිදී සමාජයේ "පොරවල්" ලෙස හැඳින්වෙන විශ්ව විද්‍යාලවලම ඉගෙනගන්නා අය යි. එසේ නම් ඔවුන්(එකී නවකවදය දෙන පිරිස) උගතුන් බව පිළිගත හැක. නමුත් බුද්ධිමතුන් වන්නෙ ද..?

කෙසේ වෙතත් සැමවිටම බුද්ධිමතුන් වන්නෙ උගත්කමෙන් ඉහළටම ගිය අය දැයි සළකා බැලිය යුතු ය. පොදුවේ අප රටේ අද තත්වය සලකා බැලීමේදී බොහෝ විට වැඩ වර්ජන වලට පෙළඔන්නේ උගත් පිරිස් ය. වෛද්‍ය සේවයේ නියුතු පිරිස් මෙයට හොඳම උදාහරණය වේ. කෙතරම් රෝගීන් පීඩාවට පත් වුවද, මියගියද ඔවුන්ට කම් නැත. තමන්ගේ සුළු අවශ්‍යතා වෙනුවෙන් ඔවුන් මෙලෙස රෝගීන් අසරණ කරති. තමන් "උසස්" බව එවැනි පිරිස් සිතනවාදැයි මා නොදනිමි. නමුත් වෛද්‍යවරුන් වැනි උගත් පිරිසක් සිදුකරන මෙවැනි දේ බුද්ධිමත් ක්‍රියා ලෙස සැලකිය හැකිද? එසේ නම් උගතුන් ලෙස සැලකිය හැකි වෛද්‍යවරුන් බුද්ධිමතුන් වන්නෙ ද..? (මෙහි සඳහන් කරන්නේ වැඩවර්ජන සිදුකරමින් අසරන රෝගීන් පීඩාවට පත්කරන වෛද්‍යවරුන් පිලිඔඳව ය. එවැනි පහත් ක්‍රියා නොකරන රොගීන්ට සිය උපරිමයෙන් ප්‍රථිකාර කරන වෛදයවරුන් ද සමාජයේ සිටින බව අප අමතක නොකරමු)

තවද ආචාර්ය උපාධි හිමි ඇතම් අයගේ හැසිරීම ද මේ පිලිඔඳව සාකච්ඡා කිරීමේදී අමතක කළ නොහැක. නම ඉදිරියට "ආචාර්ය" යන ගෞරව නාමය යෙදුවද එවැනි ඇතම් අයගේ ක්‍රියා බුද්ධිමත් සමාජයක් කිසිලෙසකින්වත් අනුමත කරන්නේ නැත. එසේ නම් සමාජයේ ආචාර්යවරුන් ලෙස සැලකෙන එවැනි අය බුද්ධිමත් වේ ද...?

මෙහි දක්වා ඇත්තේ උදාහරණ කීපයක් පමණි. දිනපතා පළවන පුවත්පත් වල ඉහත සම්බන්ධය බිඳීයන අවස්ථා ඕනෑතරම් දැකගත හැකිය. එබැවින් උගතුන් ලෙස සලකන සැම අයෙක්ම බුද්ධිමත් අයෙක් දැයි නැවතත් සලකා බැලියයුතු නොවේ ද...?

පසුව ලියමි - මෙය කිසිඳු අයෙකුට හෝ වෘතීයකට අපහාස කිරීමේ අරමුණින් ලියූවක් නොවේ. මේ මගින් කිසිවෙකුට හෝ කිසිඳු වෘතීයකට අපහාසයක්, අගෞරවයක් සිදුවූයේ නම් ඒ පිලිඔඳව කණගා‍ටුව ප්‍රකාශ කරමි. මේ පිලිඔඳව ඔබේ අදහසද ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිමි.

6 comments:

  1. මෙහෙමයි මචං, ඔනම තැනකට නොගැලපෙන උන් රිංගන්න පුළුවන්. එහෙම රිංගුවම අනිත් කට්ටියත් ඉවරයි, (ලෝකේ ලේසියෙන්ම නරක පැතිරෙනවනේ ;) )

    ReplyDelete
  2. ඒකනම් ඇත්ත. කිරි කළේකට ගොම බිංදුවක් වැ‍ටුනම වෙනදේ ඉතින් දන්නවනෙ..!

    ReplyDelete
  3. උගත් බුද්ධිමතුන් ඉන්නවා. ඒ වගේම උගත් මෝඩයින් ඉන්නවා. උගත්වෙන්න ඕනෙ කෙනෙකුට පුලුවන් මචං. ඒත් බුද්ධිමත් වෙන්න හැමෝටම බෑ. පාඩම් කරලා කැපවෙලා විභාග පාස් වෙන්න පුලුවන්. ඒත් බුද්ධිමත් වෙන්න නම් අත්දැකීම් කියන දේ ( ජීවිතේ ) ඉතාමත් වැදගත්. සමාජය ඇසුරැ කරන්න ඕනෙ. සරලවම කිව්වොත් එහෙමයි.

    ReplyDelete
  4. පුංචිහේවා මහත්මයා, ඔබ තුල බුද්ධිමතෙකුගේ සහ උගතෙකුගේ ලක්ෂන යන දෙවර්ගයම ඇත. අද ලෝකයේ ඔබ වැන්නන් ඇත්තේ අල්ප දෙනෙකි. ඔබ පවසන්නා සේ ලංකාවේ වෛද්‍යවරු රෝගීන් ගැන සලකන්නේ නැත. ඒ සඳහා නිදහසට කාරනාද ඔවුන්ට ඇත. උගත් කම යනු විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීම පමණකි. පශ්චාත් උපාධියක් යනු තමා ගේ මතවාදය සනාථ කෙරෙනු වස් තමාගේ අධීක්ෂකයින් සතුටු වන පරිදි මතවාදය ඉදිරිපත් කිරීමයි. එවිට ඔබගේ තර්කය කෙසේ වුවත්, කරුණු කෙසේ වුවත් ඔබ "ආචාර්ය" යන නමෙන් පුදනු ලැබෙයි. ආධ්‍යාමික වශයෙන් ඔබ දියුණු වී ඇත්ද? නැත. ඔබ මාන්නයක් ආරූඪ කරගෙන තවත් උඩඟු වෙයි. නමුත් අපේ සමාජය හුරු වී ඇත්තේ එවැනි දේවල් වලටය! සමහර විට වාට්ටුවේ සිටින අහිංසක සාත්තු සේවකයෙක් දොස්තර මහතාට වඩා ගුණ දහම් වලින් උසස් වෙනු ඇත. මේ සටහන් බලන්න. http://sgunatunga.blogspot.com/2008/11/blog-post_18.html

    ReplyDelete
  5. පුන්චිහෙවා මහත්තයා ඇයි ඔය මම මේ දවස්වල BCS කරනවා. "Software Engineer" කෙනෙක් වීම තමයි බලාපොරොත්තුව. වෙනව කියල ලිව්වේ උගත් නොවි බුද්ධිය පාවිච්චි කරල අර බිල් ගේට් වගේ පරිගනක වලට අලුත් දෙයක් හොයා ගන්නකෝ . ඔබ කියන්නේ ඔබ කියන BCS "උගත් කම " ගන්න මෝඩයෝ ඉන්නව කියලනේ. ඔබට රජයේ විශ්ව විද්‍යාල එක්ක කුහක සිතිවිල්ලක් පහල වෙලා මිදි තිත්ත කතාවක් තමා මට තේරෙන්නේ.
    එතකොට ස්ලිට් එකේ ප්‍රශ්ණ නැ, බුද්ධිය නැතුව උපාදිය තියා 1 වසර පංතියේ ඉන්නවත් බැ. උගත් බුද්ධිමත් තැනැත්තා පොරක් ලෙස ම්නිස්සු සලකනව ඒ නිසානේ මේ දවස්වල BCS කරනවා. "Software Engineer" කෙනෙක් වීම තමයි බලාපොරොත්තුව.වෙනව කියන්නේ. ඕක ගන්න තැන ගැන කැත විදිහට හිතන්නේ නැතුව ඕක අරගන බලන්නකෝ. ලෝකේ ඉන්න මිනිසුන් ගේ කොටසක් තමයි ඔය ආචාර්ය,මහාචාර්ය වෙන්නේ දොස්තරලත් එහෙමයි නරක වැඩියෙන් ඉන්න කොටසකින් බිහිවෙන්නේ ඉතා සුපිරිසිදු චරිත නෙවෙයි. ඔබට ලෝකය පිලිබද ලොකු අවබෝදයක් නැති හැඩයි. පත්තර කියවල සමාජය ගැන තිරනය කරන්න අමාරුයි.
    මේක නේ වෙන්නේ ලංකාවේ වැඩිපුර, ඔය සල්ලි බගේ තියන ඇයෝ ගේ ලමයි[අමමා තාත්තා ඉතා දුක්මහන්සියෙන් පෝසත් වුන] ඉස්කෝලේ කාලේ පිස්සි කෙලල ඒ ලමයි o/L,A/L දෙකම ඇනගන්නවා . අත මිට හිග අය මේකෙන් ගොඩ එන්න ඉගෙන ගන්නවා. උන්ගේ ලමයි ආයේ පිස්සු කෙලල ඇන ගන්නවා. ඕක රෝදයක් වගේ

    ReplyDelete
  6. @මුතුනායක - මගේ ලිපිය සම්පූර්ණයෙන්ම වැරදියටයි ඔබ තේරුම් අරන් තියෙන්නෙ. කිසිම විටක රජයේ විශ්වවිද්‍යාල පහත් කොට සාලකන්න වත් Hint ගහන්නවත් මම උත්සාහ කලේ නෑ. එහෙම කරන්න ඕනෙ නම් වහෙන් ඔරෝ කියන්නෙ නැතුව කෙලින්ම කියනවා. "උගත් බුද්ධිමතුන් ඉන්නවා. ඒ වගේම උගත් මෝඩයින් ඉන්නවා. උගත්වෙන්න ඕනෙ කෙනෙකුට පුලුවන් මචං. ඒත් බුද්ධිමත් වෙන්න හැමෝටම බෑ. පාඩම් කරලා කැපවෙලා විභාග පාස් වෙන්න පුලුවන්. ඒත් බුද්ධිමත් වෙන්න නම් අත්දැකීම් කියන දේ ( ජීවිතේ ) ඉතාමත් වැදගත්. සමාජය ඇසුරැ කරන්න ඕනෙ. සරලවම කිව්වොත් එහෙමයි." හෙලයා ගෙ මේ කමෙන්ට් එකෙන් කියන දේ ම තමා මම කියන්න උත්සාහ කලේ. ඔබ ඒක වැරදියට තේරුම් අරගෙන. මට කරන්න දේයක් නෑ.

    තවත් දෙයක්, මම BCS කරන්නෙ මම බලාපොරොත්තු වුන IT ක්ශේත්‍රයෙන් කැම්පස් යන්න තරම් Z-Score එකක් නොතිබුන නිසා. එහෙම නැතුව ඔබ හිතනවා වගේ AL වත් OL වත් ඇනගෙන නෙමේ. සමහර විට ඔබට තරම් සමාජය ගැන අත්දැකීම් මට නැතුව ඇති. මම දන්න, සමාජයේ දකින්න තියෙන දේවල් තමා මේ විදිහට ලිව්වේ. ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි.

    ReplyDelete

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...