පහුගිය දවස් ටිකේ මගේ සටහන් පොත වැඩිය update වුනේ නැහැ නොවැ. හේතුව මේ වයිරස් එකක් කළ හදියක්. මුලු hard disk එකම format කරන්න වුනා ඒකෙන් බේරෙන්න. දැන් නම් ඒක ඉවරයි නමුත් ලියමින් තිබුන "A9 පාර දිගේ යාපනයට" වගේ සමහර දිග ලිපි ආයෙත් ලියන්න වෙනවා... මොනවා කරන්නද!! හැකි ඉක්මනින් ඒකෙ මීලඟ කොටස පල කරන්නම්.
තවත් දෙයක්.. බ්ලොග් ලියන, කියවන හැමෝම දන්නවනේ blog එකක ජීවය පාඨක ප්රතිචාර (comments) කියලා.. අන්තිමට ලිව්ව "A9 පාර දිගේ යාපනයට (2 කොටස)" ලිපිය දැම්ම දවසේ 221 දෙනෙක් ඒක කියවලා තියෙනවා නමුත් කවුරුත් කියෙව්වා කියලා වත් comment එකක් දාලා නෑ. මම කැමතියි මගේ ලිපි වල තියෙන වැරදි පෙන්නලා දෙනවා නම්. ඉතින් මගේ ලිපි වල තියෙන වැරදි, අඩුපාඩු ගැන වත් කමෙන්ට් එකක් තිබ්බානම තමා හොඳ.
බ්ලොග් කියවන හැම කෙනෙක්ගෙන්ම පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා, පුරුද්දක් විදිහට තමන් කියවන හැම ලිපියකටම comment එකක් තියන්න... පාඨකයෝ විදිහට බ්ලොග් ලියන අපි වගේ අයට කරන්න පුලුවන් ලොකුම උපකාරය තමා ඒ.
Subscribe to:
Post Comments (Atom)
පොල් කුරුමිනියා
කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...

-
මේක මීට මාස තුන හතරකට විතර ඉස්සෙල්ලා මට වෙච්ච ඇබැද්දියක්. අපි නැග්ගොත් ඉතින් පුවක් ගහෙත් දෙබලක් ලු නෙ! ඒ වුනාට ඒ වුනාට ජංගම දුරකතන පාවිච්චි...
-
කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...
-
මට මතක තියෙන ඉතිහාසේ හැටියට නම් මුලින්ම මගේ හිත ගියේ ජාතික රූපවාහිනියෙ විකාශය වුන නරියගෙයි හාවගෙයි කාටූන් එකට. දෙබස් නැති වුනාට සෑහෙන්න වින...
onna mama comment kalooooooo. oyage articles hodai. kiyanna tharam varadak na. digatama liyanna. good luck
ReplyDeleteඔන්න මමත් ෙකාෙමන්ට් ඒකක් දැම්මා.
ReplyDeleteබොහෝම ස්තුතියි.!
ReplyDelete